Nishan Neth News

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක විසින් නීති විරෝධි ලෙස උපයා ගත් මුදලින් මිලදී ගත් දේපළ ක්‍රියා විරහිත කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක විසින් නීති විරෝධි ලෙස උපයා ගත් මුදලින් මිලදී ගන්නා ලද දේපළ ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබෙනවා. මෙලෙස ක්‍රියාවිරහිත කර ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ ස්වාමිපුරුෂයා සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගනු ලැබූ දේපලයි. අදාළ ජාවාරම්කාරියගේ දෙවන විවාහක ස්වාමිපුරුෂයා විසින් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදලින් … මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක විසින් නීති විරෝධි ලෙස උපයා ගත් මුදලින් මිලදී ගත් දේපළ ක්‍රියා විරහිත කෙරේ

මීගොඩ දන්සැල් අනතුරේ සැකකරුවන් අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි

මීගොඩ මාරක අනතුර සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටින සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කරනවා. හයිලෙවල් මාර්ගයේ මීගොඩ මංසන්දිය අසළ කැබ් රථයකින් පැමිණි රියැදුරෙකු විසින් දන්සලක පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කරමින් ඉන් 06දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 07 දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. … මීගොඩ දන්සැල් අනතුරේ සැකකරුවන් අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි

හොරණ කෝටි තුනහමාරේ මුදල් කොල්ලයට බැංකුවේම දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට

හොරණ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම බැංකුවේ සහකාර කළමනාකරුවෙකු සහ ආරක්ෂක නිලධාරියකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් එම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ. පසුගිය 3 වනදා දහවල් 2:55ට පමණ බැංකු සේවකයෙකු, එම බැංකුවේ පිටුපස දොරෙන් මුදල් මලු දෙකක් රැගෙන යන අවස්ථාවේ පුද්ගලයෙකු පැමිණ එම … හොරණ කෝටි තුනහමාරේ මුදල් කොල්ලයට බැංකුවේම දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට

ජුනි මාසයේ ලාෆ්ස් ගෑස් මිලෙහිත් වෙනසක් නැහැ

ජුනි මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහි ද සංශෝධනයක් සිදු නොකරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා. ඒ අනුව කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක පැවැති මිල වූ 6,245 සහ කිලෝ 5 ගෑස් සිලින්ඩරයක පැවැති මිල වූ රුපියල් 2,500ක මිල ගණන් යටතේ ගෑස් අලෙවි කරන බව එම සමාගම නිවේදනය කළා.  

විමල්ගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු CID අත්අඩංගුවට

  හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ මාධ්‍ය ලේකම් ලෙස කලක් කටයුතු කළ ප්‍රසාද් මංජු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ වකවානුවේදී රජයේ වාහනයක් අවභාවිත කළ බවටයි ඔහු චෝදනාවට ලක්ව සිටින්නේ. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේදී අද පැය කිහිපයක් ඔහුගෙන් ප්‍රශ්න කෙරුණා. එලෙස කෙරුණු ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි ඔහු අත්අඩංගුවට … විමල්ගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු CID අත්අඩංගුවට

චීන ව්‍යාපාරිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටේදී අත්අඩංගුවට

විදේශීය දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින්. එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ චීන ජාතික ව්‍යාපාරිකයන් දෙදෙනෙක්. සිංගප්පූරුවේ සිට දිවයිනට … චීන ව්‍යාපාරිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටේදී අත්අඩංගුවට

ගාස්තු වැඩි නොකළාට බස් සංගම් නඩු මගට යන්න සැරසෙයි

ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තුව ඉහළ දැමීමට අදාළව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගෙන් අද ඉල්ලූ සාකච්ඡාව නොලැබුණු බව පෞද්ගලික බස් රථ සංගම් පවසනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ප්‍රවාහන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා සමග ඊයේ පැවැත්වූ සාකච්ඡාවද අසාර්ථක වු බවයි. එවන් පසුබිමක් තුළ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සමග … ගාස්තු වැඩි නොකළාට බස් සංගම් නඩු මගට යන්න සැරසෙයි

ඇවිළෙන යුද ගැටුම් මැද යුක්රේන ජනපතිගෙන් රුසියානු ජනපතිට විවෘත ලිපියක්

ඇවිළෙන යුද ගැටුම් මැද යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත විවෘත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සෘජු සාකච්ඡාවට පැමිණෙන්නැයි යෝජනා කරමින්. ලෝකයේ අවධානය වෙනතකට යොමු වනතුරු බලා සිටීම ඵලක් නොවන බවත්, සාමය උදා කරගත හැක්කේ දෙපාර්ශවය අතර සෘජු සාකච්ඡාවලින් පමණක් බවත් සෙලෙන්ස්කි මෙම ලිපියෙන් ප්‍රකාශ … ඇවිළෙන යුද ගැටුම් මැද යුක්රේන ජනපතිගෙන් රුසියානු ජනපතිට විවෘත ලිපියක්

රුපියල ඩොලරයට සාපේක්‍ෂව තවදුරටත් අවප්‍රමාණය වෙයි

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව, මහ බැංකුව විසින් අද නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332 ශත 27ක් ලෙස සටහන් වී තිබුණා. එහි විකුණුම් මිල ලෙස දැක්වුණේ රුපියල් 342ක් ලෙසයි. ඊයේ දිනයේදී අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 339 ශත 50ක් … රුපියල ඩොලරයට සාපේක්‍ෂව තවදුරටත් අවප්‍රමාණය වෙයි