Nishan Neth News

සමාජ මාධ්‍ය කැළඹූ සිගිති පාතාලයේ සිසුන් 7ක් රිමාන්ඩ්

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් 7 දෙනා ලබන 10 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, පොලීසිය විසින් අත්අඩංගුවට ගත් එම සැකකාර සිසුන් හත් දෙනා වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. වව්නියාවේ සිගිති පාතාලය ලෙස සදහන් කරමින් සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ සිසුන් දෙදෙනෙකුට පහරදීමේ එම … සමාජ මාධ්‍ය කැළඹූ සිගිති පාතාලයේ සිසුන් 7ක් රිමාන්ඩ්

LTTE වෙනුවෙන් ගී ගැයූ තරුණයෙකුට වැඩ වරදී

LTTE සංවිධානය වෙනුවෙන් ගායනා කළ ගීත 4 ක් බව පවසමින් ඒවා ටික් ටොක් සමාජ මාධ්‍යයේ උඩුගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 17 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරු චාවකච්චේරිය, නාවක්කුලි ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකදී අදාළ ගීත ගායනා කර පසුව ඒවා සංස්කරණය කර ටික් ටොක් සමාජ මාධ්‍ය හරහා සංසරණය කර තිබුණා. ඒ අනුව … LTTE වෙනුවෙන් ගී ගැයූ තරුණයෙකුට වැඩ වරදී

යෝෂිතගේ නඩුවකට අධිකරණයෙන් අද ලැබුණු තීරණය

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව යලි ජුලි මස 09 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී නියෝජ්‍ය පොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ … යෝෂිතගේ නඩුවකට අධිකරණයෙන් අද ලැබුණු තීරණය

ගිනිගත් “සෙනෙහසේ කැදැල්ලේ ” හිමිකරු පොලිස් භාරයට

ගිනි ගැනීමට ලක් වූ හොරණ, බටගොඩ ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයේ හිමිකරු පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඊයේ හටගත් එම ගින්නෙන් අදාළ වැඩිහිටි නිවාසයේ සිටි පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වුණා. තවත් පිරිසක් තවදුරටත් හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අවුරුදු දෙකක දැරියකගේ දිවි අහිමි කළ මාරක රිය අනතුර

තලාතුඔය, මයිලපිටිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. උඩුවින්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දෙකයි මාස දෙකක් වූ දැරියක් එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. තැන්නකුඹුර දෙසට ධාවනය වූ මෝටර් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී එම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියැදුරා, … අවුරුදු දෙකක දැරියකගේ දිවි අහිමි කළ මාරක රිය අනතුර

පාසල් සිසුන්ගේ පසුබිම ගුරුවරුන් හොඳින් දැනගත යුතුයි – අගමැති කියයි

පාසල් සිසුවෙකුට හොඳින් අධ්‍යාපනය ලබාදීමට නම් එම සිසුන්ගේ පසුබිම සෑම ගුරුවරයකුම හොඳින් දැනගෙන සිටිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය , අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. ළමුන් සංඛ්‍යාව වැඩි පන්ති කාමරවල ළමුන් සංඛ්‍යාව අඩු කිරීමට රජය තීරණය කර ඇත්තේ ඒ හේතුවෙන් බවයි අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍යවරිය පැවසුවේ. මේ අතර, 2026 වර්ෂය සඳහා ජාතික පාසල් සහ විද්‍යාපීඨවල භෞතික … පාසල් සිසුන්ගේ පසුබිම ගුරුවරුන් හොඳින් දැනගත යුතුයි – අගමැති කියයි

19 90 ගිලන් රථ සේවාව නතර කරනවාද? සුවසැරියෙන් ප්‍රතිචාර

19 90 හදිසි ගිලන් රථ සේවාව වන සුව සැරිය අක්‍රිය වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ කටකතා කිහිපයක් සංසරණය වීම පිළිබඳව 19 90 හදිසි ගිලන් රථ සේවාවේ පාලන මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සභාපතිවරයා ඇතුළු පාලක මණ්ඩලය අවධාරණය කරන්නේ, මෙම සේවාව අක්‍රිය වන බවට පැතිරෙන තොරතුරු සම්පූර්ණයෙන් අසත්‍ය බවයි. එය ජනතාව නොමග යවන සුළු … 19 90 ගිලන් රථ සේවාව නතර කරනවාද? සුවසැරියෙන් ප්‍රතිචාර

හොරණ ”සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළට

හොරණ, බටගොඩ ප්‍රදේශයේ පිහිටි ”සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි නිවාසයේ හටගත් ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනතුරෙන් බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයන් 06 දෙනෙකු තවදුරටත් හොරණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය, හොරණ මහෙස්ත්‍රාත් ලක්මිණි විධානගමගේ මහත්මිය විසින් අද පෙරවරුවේදී එම වැඩිහිටි නිවාසයේදී සිදු කළා. ගින්නට හසුව … හොරණ ”සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළට

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමයකට එකඟතාව

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමයක් සදහා දෙපාර්ශවයම එකඟ වූ බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. ඉරානයේ සහය ලබන හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර සම්පූර්ණයෙන්ම නතර කිරීම ඇතුළු කොන්දේසි කිහිපයක් මත මෙම එකඟතාවය ඇති වූ බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව දකුණු ලෙබනනයේ ඊශ්‍රායල පාලනය යටතේ පවතින ප්‍රදේශවලින් හිස්බුල්ලා සටන්කාමීන් සම්පූර්ණයෙන්ම ඉවත් විය … ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමයකට එකඟතාව