Nishan Neth News

නාවලපිටියේදී ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්‍ෂයට

මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ එම ත්‍රීරෝද රථයේ සිටි පාසල් සිසුවෙක් සහ කාන්තාවන් දෙදෙනෙකු එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි. කෙසේවෙතත් ත්‍රීරෝද රථයේ රියදුරා දිවි ගලවා ගෙන තිබෙනවා. නාවලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව එම ගස කපා ඉවත් කර … නාවලපිටියේදී ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්‍ෂයට

ගූගල් සමාගමෙන් නව තාක්ෂණික පෙරළියක් – AI කණ්නාඩියක්

තාක්ෂණ ලෝකයේ දැවැන්තයෙක් වන ගූගල් සමාගම, මීට වසර දහයකට කලින් ඔවුන් අතින් සිදුවුණු ලොකුම අසාර්ථක වීමක් ජයග්‍රහණයක් බවට පත් කරගන්න නැවත වතාවක් සූදානම් වනවා. ඒ, AI තාක්ෂණය මුසු කළ සැබෑම ස්මාර්ට් කණ්නාඩියක් ලෝකයට හඳුන්වා දෙමින්. නෙත් නිවුස් විශේෂාංග මාලාව යටතේ අද සොයා බැලෙන්නේ ඒ පිළිබදවයි.

අලුත් පරිපාලනය, පුහුණුකරු සහ නායකයා යටතේ සිංහ පැටවු කෙදෙව් දේශයේදී ජය පැන් බොති

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඊයේ පැවති ක්‍රිකට් තරගය ලකුණු 41කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. අලුත් වූ ක්‍රිකට් පරිපාලනය යටතේ, නව පුහුණුකරු ගැරී කර්ස්ටන්ගේ මෙහෙයවීමෙන් සහ නැවත නායකත්වයේ වගකීම පැවරුණු කුසල් මෙන්ඩිස් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරඟය මෙයයි. තරඟය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි කින්ස්ටන් හිදී පැවැත්වුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් … අලුත් පරිපාලනය, පුහුණුකරු සහ නායකයා යටතේ සිංහ පැටවු කෙදෙව් දේශයේදී ජය පැන් බොති

ඉන්දියාවේ පෞද්ගලික රෝහලකත් ගින්නක් – රෝගීන් තිදෙනෙකු මරුට

ඉන්දියාවේ බිහාර්හි මුසාෆර්පූර් දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහලක දරුණු ගින්නක් ඇතිවී තිබෙනවා. ගොඩනැගිල්ලක පස්වන මහලේ ස්ථාපිත කර ඇති දැඩි සත්කාර ඒකකයකයි මෙම ගින්න ඇති වී තිබෙන්නේ. ගින්නට හසුවීමෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු අවම වශයෙන් මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. NDTV සහ First Post වාර්තා කරන පරිදි අද අලුයම 3.00 ට පමණයි ගින්න ආරම්භ … ඉන්දියාවේ පෞද්ගලික රෝහලකත් ගින්නක් – රෝගීන් තිදෙනෙකු මරුට

දඩල්ලේ අනතුරක් – බස් රථයක ගමන් කරමින් සිටි මගීන් තිදෙනෙකුට තුවාල

ගාල්ල, දඩල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අද උදෑසන එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. එලෙස අනතුරට ලක්ව ඇත්තේ හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක්. අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 20දෙනෙකු පමණ එම බස් රථයේ රැදී සිට … දඩල්ලේ අනතුරක් – බස් රථයක ගමන් කරමින් සිටි මගීන් තිදෙනෙකුට තුවාල

බටගොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය පිරිස තවත් ඉහළට

අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයේ හටගත් ගින්නෙන් මියගිය පුද්ගලයන් ගණන 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 10 දෙනෙකුම මියගොස් ඇත්තේ එම වැඩිහිටි නිවාසය තුළදී බවයි එම ස්ථානයේ මේ වනවිටත් රැදී සිටින නෙත් නිවුස් වාර්තාකරු චන්දන පෙරේරා පැවසුවේ. මියගිය අනෙක් පුද්ගලයා හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එලෙස මියගොස් තිබෙනවා. තුවාල ලැබූ හත්දෙනෙකු තවදුරටත් එම … බටගොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය පිරිස තවත් ඉහළට

කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම සමත් වුණා. ඒ, ලකුණු 41කින්. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවි ලකුණු 303ක් රැස් කළා. පැතුම් නිස්සංක ලකුණු 79 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 72ක් රැස්කළා. … කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

මොලේ උණ රෝගීන් ඉහළ යාමක් ගැන අනතුරු ඇඟවීමක්

මෙනින්ජස්ටිස් හෙවත් මොලේ උණ රෝගීන් ඉදිරි සති දෙක තුළ වැඩි වශයෙන් වාර්තා විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඉරාන විසින් එල්ල කළ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුටත් තුවාල

කුවේට්  ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඉරාන විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ එහි සේවය කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.   ඔවුන් තිදෙනාම පිරිමි පුද්ගලයින් බවයි වාර්තා වුණේ. ඔවුන් විදුලි සෝපාන අලුත්වැඩියා කාර්මික ශිල්පීන් ලෙස එහි සේවය කර තිබෙනවා. ඉරානය විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ සුළු තුවාල ලැබූ ඔවුන් තිදෙනා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි  වාර්තා … කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඉරාන විසින් එල්ල කළ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුටත් තුවාල