Nishan Neth News

කෝටි දහයකට අධික කොකේන් දිවයිනට රැගෙන ආ ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙක් අත්අඩංගුවට

කොකේන්  මත්ද්‍රව්‍ය තොගයක් දිවයිනට රැගෙන ආ ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ එම මත්ද්‍රව්‍ය පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ. ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගය … කෝටි දහයකට අධික කොකේන් දිවයිනට රැගෙන ආ ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙක් අත්අඩංගුවට

ගෝලීයව හුදෙකලාවීමෙන් මිදී ලොව ශක්තිමත්ම ආර්ථිකය සමග එක්වීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක්

භූ ගෝලීය වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන් ද සමීප අසල්වැසියන් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිනෙන් දින වර්ධනය වන ආර්ථික, සාමාජීය, සංස්කෘතික ඇතුළු අනෙකුත් සබඳතා පැවතිය ද භෞතික වශයෙන් දෙපාර්ශවය අතර තවදුරටත් වර්ධනය විය යුතු ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවධානය යොමුව තිබේ. දෙරට අතර කැපීපෙනෙන ලෙස ශක්තිමත් අන්‍යොන්‍ය බැඳීමක් වර්ධනය වෙමින් පවතින පසුබිමක් තුළ … ගෝලීයව හුදෙකලාවීමෙන් මිදී ලොව ශක්තිමත්ම ආර්ථිකය සමග එක්වීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක්

IOS SAGAR දිවයිනට

ඉන්දියානු යුද නෞකාවක් වන සුනයිනා නොහොත් IOS SAGAR නෞකාව අද දිවයිනට සේන්දු වුණා. ඒ, රටවල් 16ක නාවිකයන් සහ කාර්ය මණ්ඩලය සමගයි. සිය පුහුණුවෙන් අනතුරුව මෙම නෞකාව සිදු කරන හත් වන සංචාරය වන බවයි වාර්තා වුණේ. මෙම සංචාරයට බංග්ලාදේශය, ඉන්දුනීසියාව, කෙන්යාව, මැලේසියාව, මාලදිවයින, මොරිෂස්, මොසැම්බික්, මියන්මාරය, සිංගප්පූරුව, සීෂෙල්ස්, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, ටැන්සානියාව, තායිලන්තය, ටිමෝර් ලෙස්ටේ … IOS SAGAR දිවයිනට

ට්‍රම්ප් සහ ෂී අවසන් සාකච්ඡා සදහා බීජිංහිදී යළි හමුවෙයි

චීනයේ නිල සංචාරයක නිරත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ අවසන් වටයේ තීරණාත්මක සාකච්ඡාවල නිරත වී තිබෙනවා. වෙළඳ සහ දේශපාලන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපති ට්‍රම්ප් සහ ෂී ජින්පින් අතර මෙම හමුව සිදුව ඇත්තේ ”ෂොන්ග්නන්හායි” රාජකීය උද්‍යාන පරිශ්‍රයේදීයි. ජනාධිපති ට්‍රම්ප් සහ ජනාධිපති ෂී ජින්පින් අතර … ට්‍රම්ප් සහ ෂී අවසන් සාකච්ඡා සදහා බීජිංහිදී යළි හමුවෙයි

අන්තරේ මල්වානේ අල්ලන අඩව්ව ගැන ආණ්ඩුව කතා කරයි

හිමිකරුවකු නොමැති ඉඩමක් ලෙස ප්‍රකට මල්වානේ පිහිටි ඉඩම සහ නිවස ඇතුලු දේපොළ විශ්වවිද්‍යාල ඇතුළු පොදු ජනතා පරිහරණය සඳහා පවරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ පිරිසක් තවදුරටත් එහි රැදී සිටිමින් විරෝධතාවක නිරත වනවා. කෙසේවෙතත් එම විරෝධතාවට ආණ්ඩුවේ කිසිදු මැදිහත්වීමක් නොමැති බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සූරවීර මහතා පැවසුවේ.

සනත් නිශාන්තගේ සොහොයුරාට වසර පහ හමාරක සිරදඩුවම්

ආරච්චිකට්ටුව ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතාට හලාවත මහාධිකරණය මගින් වසර පහයි මාස හයක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ, 2007 වසරේදී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධියට අදාළවයි. හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට සහ ඔහුගේ සොහොයුරා වන ජගත් සමන්ත මහතාට එම චෝදනාව යටතේ නඩු පවරා තිබුණා. සනත් නිශාන්ත මහතා මියගොස් ඇති බැවින් අධිකරණය … සනත් නිශාන්තගේ සොහොයුරාට වසර පහ හමාරක සිරදඩුවම්

පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිප දෙනෙකු තනතුරුවලින් ඉවතට

වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් 11 දෙනෙකු සහ පොලිස් පරීක්‍ෂකවරුන් පස් දෙනෙකු ස්ථාන මාරු කර තිබෙනවා. ඒ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ අනුමැතියට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින්. ඒ අනුව කොළඹ දකුණ කොට්ඨාසයේ රාජකාරී කළ පොලිස් පරීක්‍ෂක කේ සී වික්‍රමසිංහගේ මහතා ලුණුවිල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. … පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිප දෙනෙකු තනතුරුවලින් ඉවතට

බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර පහත් බිම්වල ජනතාවට හදිසි දැනුම්දීමක්

ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන්. එම ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබෙමින් ඇති … බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර පහත් බිම්වල ජනතාවට හදිසි දැනුම්දීමක්

අවිස්සාවේල්ලේ සහ මාතලේ මනුෂ්‍ය ඝාතන දෙකක්

අවිස්සාවේල්ල බස් නැවතුම ආසන්නයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 62ක් වූ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ. මරණකරු හා තවත් පුද්ගලයෙකු අතර ඇතිකර ගත් ආරවුලක් දුරදිග යාම මෙම ඝාතනයට හේතුව වී තිබෙනවා. අදාළ ඝාතනය සිදුකළ කොස්ගම ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගත් … අවිස්සාවේල්ලේ සහ මාතලේ මනුෂ්‍ය ඝාතන දෙකක්