Nishan Neth News

පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙකුට වැඩ වරදී

කුඩාඔය, ඇතිලිවැව ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් සිදුකරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කුඩාඔය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. ඒ අනුව ඉඩමක් තුළ පුරාවස්තු සොයා එලෙස කැණීම් කරමින් සිටියදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ඇතිලිවැව ප්‍රදේශයේම පදිංචිකරුවන් වන බවයි පොලීසිය පැවසුවේ. කැණීම් සිදුකිරීම සදහා සැකකරුවන් යොදාගත් උපකරණද පොලිස් භාරයට … පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙකුට වැඩ වරදී

කාන්තාවන්ගේ ගෙළ බැදි රන්මාල කොල්ලකෑ සැකකරුවෙකු අත්අඩංගුවට

මහරගම හා පිලියන්දල පොලිස් වසම්වලදී කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකෑ සැකකරුවෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මහරගම පොලිස් වසමේ අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරිවල යෙදී සිටි නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 46 ක් වන මහරගම, පමුණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා. ඔහුගෙන් කළ ප්‍රශ්න … කාන්තාවන්ගේ ගෙළ බැදි රන්මාල කොල්ලකෑ සැකකරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට අද එන ඉන්දීය අමුත්තා

ඉන්දියානු යුද නෞකාවක් වන සුනයිනා නොහොත් IOS සාගර් නෞකාව අද දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වනවා. ඒ, රටවල් 16ක නාවිකයන් සහ කාර්ය මණ්ඩලය සමගයි. සිය පුහුණුවෙන් අනතුරුව මෙම නෞකාව සිදු කරන හත් වන සංචාරය වන බවයි වාර්තා වන්නේ. මෙම සංචාරයට බංග්ලාදේශය, ඉන්දුනීසියාව, කෙන්යාව, මැලේසියාව, මාලදිවයින, මොරිෂස්, මොසැම්බික්, මියන්මාරය, සිංගප්පූරුව, සීෂෙල්ස්, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, ටැන්සානියාව, … ශ්‍රී ලංකාවට අද එන ඉන්දීය අමුත්තා

ජනපති අරමුදලේ ප්‍රතිලාභ අද සිට වැඩි වෙයි

ජනාධිපති අරමුදල යටතේ ප්‍රතිකාර සදහා රෝගී ළමයින්ට හිමිවන ප්‍රතිලාභ අද සිට තවත් වැඩි කෙරෙනවා. ඒ, ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනම ඒකාබද්ධව ආරම්භ කරන ”හෙට දිනනා ලොවකට අද සුවය සදමු” ව්‍යාපෘතිය යටතේයි. ජනාධිපති අරමුදල යටතේ සාමාන්‍යයෙන් පියවනු ලබන්නේ කිසියම් රෝගියෙකුගේ ප්‍රතිකාර සදහා වැයවන මුදලින් කොටසක් පමණයි. එහෙත් නව ව්‍යපෘතිය යටතේ ප්‍රතිලාභ ලබන රෝගියා වයස අවුරුදු 18 … ජනපති අරමුදලේ ප්‍රතිලාභ අද සිට වැඩි වෙයි

වස්කඩුවේ සහ ත්‍රිකුණාමලයේ හෝටල් දෙකකට පොලීසිය කඩා පනී – විදේශිකයන් 17කුත් අත්අඩංගුවට

වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයන් 14 දෙනෙකු වස්කඩුව ප්‍රදේශයේ හෝටලයක සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. චීන ජාතිකයින් 12 දෙනෙකු හා මැලේසියානු ජාතිකයින් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. මේ අතර ත්‍රිකුණාමලය, මුරුගාරිපුරි ප්‍රදේශයේ හෝටලයක් තුළ රැදී සිටි තවත් විදෙස් ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට … වස්කඩුවේ සහ ත්‍රිකුණාමලයේ හෝටල් දෙකකට පොලීසිය කඩා පනී – විදේශිකයන් 17කුත් අත්අඩංගුවට

කැළණි, කළු සහ මහඔයේ ජල මට්ටම ඉහළට 

කැළණි, කළු සහ මහඔයේ ජලමට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පහත්බිම්වල ජනතාව ඒ පිළිබද අවධානයෙන් පසු විය යුතු බවයි එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජල විද්‍යා හා ආපදා කළමණාකර, ඉංජිනේරු එල් එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ. අත්තනගලුඔය ආශ්‍රිතව මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් පවතින බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, … කැළණි, කළු සහ මහඔයේ ජල මට්ටම ඉහළට 

ඉරානයට න්‍යෂ්ටික අවි තහනම් – අමෙරිකා – චීන නායකයින් එකගතාවක

චීනයේ නිල සංචාරයක නිරත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර විශේෂ හමුවක් බීජිං අගනුවරදී සිදුව තිබෙනවා. ඒ ලෝක දේශපාලනයේ සහ ආර්ථිකයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්. ලොව වඩාත්ම වැදගත් ද්විපාර්ශ්වික සබඳතාවය චීනය සහ අමෙරිකාව අතර පවතින සබඳතාවය බවයි චීන ජනාධිපති ෂී ජින්පින් එහිදී අවධාරණය කර ඇත්තේ. විදෙස් වාර්තා පවසන්නේ මෙම හමුව … ඉරානයට න්‍යෂ්ටික අවි තහනම් – අමෙරිකා – චීන නායකයින් එකගතාවක

හැටන් පාසල් වැසේ

හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් සදහා හෙට (15) දිනයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් පරිදි එම පියවර ගත් බවයි හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ. සුමති මහතා පැවසුවේ. ඒ අනුව අනෙකුත් අවශ්‍යතා සඳහා ගුරුවරුන් සහ සිසුන් හෙට දින පාසලට කැඳවීමෙන් වළකින ලෙසද  හැටන් අධ්‍යාපන … හැටන් පාසල් වැසේ

ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හල NIE හිටපු අධ්‍යක්ෂවරයාට සිර දඬුවම්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 06 ක සිර දඬුවම් නියම කළා. ඊට අමතරව රුපියල් මිලියන තුනක දඩයක් නියම කළ විනිසුරු මඩුල්ල එම දඩ මුදල ගෙවීම පැහැර හැරියොත් අමතරව වසරක සිර දඬුවම් නියම කරන බවත් සඳහන් කළා. මෙම පැමිණිල්ල අද අගවිනිසුරු … ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හල NIE හිටපු අධ්‍යක්ෂවරයාට සිර දඬුවම්