Nishan Neth News

පාකිස්ථානයේ බෝම්බ පිපිරීමක් – 09 දෙනෙකු මියයයි

පකිස්ථානයේ වයඹදිග ප්‍රදේශයේ බසාර් (වෙළඳපොළ) වීදියක තිබූ රික්ෂෝ රථයක අටවා තිබූ බෝම්බයක් පිපිරී යාමෙන් අවම වශයෙන් පුද්ගලයන් නව දෙනෙකු මියගොස් තවත් විසිහතර දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. මෙය ඇෆ්ගනිස්ථානයට මායිම් වූ කලාපය තුළ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීමේ නවතම සලකුණ වේ. මෙම ප්‍රහාරය ඛයිබර් පක්තුන්ක්වා (Khyber Pakhtunkhwa) ප්‍රාන්තයේ ලක්කි මාවත් (Lakki Marwat) දිස්ත්‍රික්කයේ … පාකිස්ථානයේ බෝම්බ පිපිරීමක් – 09 දෙනෙකු මියයයි

මෝදි පිළිගැනීමට නෝර්වේ රාජ්‍යය සැරසෙයි

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නෝර්වේ රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතව තිබේ. ඒ මැදපෙරදිග සහ යුරෝපය ආවරණය වන පරිදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිදුකරන දින 05 ක විදෙස් සංචාරයට සමගාමීවයි. මේ අතර හිටපු නෝර්වීජියානු අමාත්‍යවරයෙකු සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ හිටපු ප්‍රධානී එරික් සෝල්හයිම් ඉන්දීය රාජ්‍ය නායකයාගේ නායකත්වය සහ පාරිසරික දැක්ම දැඩි ලෙස අගය කර තිබේ. ඔහු පවසා ඇත්තේ … මෝදි පිළිගැනීමට නෝර්වේ රාජ්‍යය සැරසෙයි

ඉන්දීය අගමැතිගේ පරිවාරක රථ ගණන අඩු කෙරේ – මෝදිගේම නියෝගයක්

ඉරාන යුද්ධය හේතුවෙන් මතුව ඇති ආර්ථික පීඩනය හමුවේ, පුළුල් පිරිමැසුම්දායක සහ ඉන්ධන සුරැකීමේ පියවරක් ලෙස තම පරිවාරක රථ පෙළෙහි ප්‍රමාණය සියයට 50 කින් අඩු කිරීමට සහ විද්‍යුත් වාහන භාවිතය ඉහළ නැංවීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝග කර ඇති බව India Today වාර්තා කරයි. රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත් සේවය වාර්තා කළේ අනිවාර්ය ආරක්ෂක … ඉන්දීය අගමැතිගේ පරිවාරක රථ ගණන අඩු කෙරේ – මෝදිගේම නියෝගයක්

තොරතුරු කොමිසමේ තීරණයට එරෙහිව විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපත් කළ පෙත්සමක් ඉවතට

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් පවත්වනු ලබන එල්.එල්.බී නීතිවේදී උපාධි ප්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිටි ශිෂ්‍යාවකගේ පිළිතුරු පත්‍ර ලකුණු පටිපාටිය පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා තොරතුරු කොමිසම විසින් කරනු ලැබූ නියෝගයක් බල රහිත කරන ලෙස ඉල්ලා එම විශ්ව විද්‍යාලය විසින් ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය විසින් ගොනු … තොරතුරු කොමිසමේ තීරණයට එරෙහිව විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපත් කළ පෙත්සමක් ඉවතට

පොලිස් වෙඩි මැද මත්ද්‍රව්‍ය ජාවාරමට යොදා ගත් මෝටර් රථයක් පලා යයි – සැකකාර හිටපු බැංකු නිලධාරියෙකු සොයා මෙහෙයුමක්

හෝමාගම දෙල්ගහකන්ද ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී පොලිස් වෙඩි ප්‍රහාර මැද පලා ගිය මෝටර් රථය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා. හෝමාගම මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් හෝමාගම පොලිස් වසමේ අපරාධ හා නිවාරණ දූෂණ මර්දන රාජකාරී යෙදී සිටියදී දෙල්ගහ කන්ද ප්‍රදේශයේ පාළු ස්ථානයක නතර කර තිබූ මෝටර් රථයක් පරික්ෂා කිරීමට … පොලිස් වෙඩි මැද මත්ද්‍රව්‍ය ජාවාරමට යොදා ගත් මෝටර් රථයක් පලා යයි – සැකකාර හිටපු බැංකු නිලධාරියෙකු සොයා මෙහෙයුමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනය

  ඉදිරි පැය 36 සදහා  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව මෙම පද්ධතිය ඉදිරි දින කිහිපය තුළ ආසන්නව උතුරු දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බව එහි  සඳහන් වනවා. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි … කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනය

කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකතනය විවෘත කර ගැනීමට නොහැකිව CIDය අර්බුදයක

අභිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ පැවැත්වුණා. එහිදී විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ බවයි නෙත් නිව්ස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. ඒ අනුව වැඩිදුර වාර්තාව සමග පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ … කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකතනය විවෘත කර ගැනීමට නොහැකිව CIDය අර්බුදයක

මහින්ද එක්ක අල්ලස් කොමිසමට ගිය පියංකරට වුණ දේ

පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් පිටව ගොස් තිබෙනවා. එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරමින් පවතින විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොමිසම විසින් කළ කැඳවීමකට අනුව ඔහු අද කොමිසම හමුවේ පෙනී සිටියා. ;

කපිල චන්ද්‍රසේනගේ ව්‍යජ ඇපකරුවන් ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්

අභිරහස් ලෙස මිය ගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීම සඳහා ව්‍යාජ ඇපකරුවන් දෙදෙනෙකු සොයාදූන් බව කියන සැකකරුවන් දෙදෙනෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කළ අවස්ථාවේදියි. එක් සැකකරුවෙකු හදුනා ගැනීමේ පෙරෙට්ටුව සදහා … කපිල චන්ද්‍රසේනගේ ව්‍යජ ඇපකරුවන් ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්