Nishan Neth News

පාකිස්ථානයේ පොලිස් මුරපොළකට බෝම්බ ප්‍රහාරයක්  –  නිලධාරීන් 14 දෙනෙකු මරුට

  පාකිස්ථානයේ බන්නු නගරයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 14 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පොලිස් මුරපොළක්  ඉලක්ක කර ගනිමින් එම බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇති බවයි. මෝටර් රථයක බෝම්බ අටවා එය මුරපොලට ධාවනය කර පුපුරුවා හැරිම සිදුකර ඇති බව සඳහන්. සටන්කාමීන් මෝටර් රථය පුපුරුවා හැරීමෙන් පසු පොලිස් ස්ථානයට ඇතුළුවී නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් ද … පාකිස්ථානයේ පොලිස් මුරපොළකට බෝම්බ ප්‍රහාරයක්  –  නිලධාරීන් 14 දෙනෙකු මරුට

තමිල්නාඩුවේ නව මහ ඇමති විජේ, දූෂණය මඩින්න ජනපති අනුරගේ පාරම තෝරා ගනී

දශක පහකට අධික කාලයක් තමිල්නාඩු දේශපාලනය හෙබවූ ද්‍රවිඩ පක්ෂ ද්විත්වයේ DMK සහ AIADMK ආධිපත්‍යය බිඳ දමමින්, තමිලග වෙට්ට්‍රි කසාගම් හෙවත් TVK පක්ෂයේ නායක චන්ද්‍රසේකර් ජෝසප් විජේ අද තමිල්නාඩුවේ 9 වන මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දුන්නා. ඔහු සිය නිලයේ දිවුරුම් දුන්නේ චෙන්නායි හි ජවහර්ලාල් නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති අති උත්කර්ෂවත් උත්සවයකදී, ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලේකර් ඉදිරියේයි. … තමිල්නාඩුවේ නව මහ ඇමති විජේ, දූෂණය මඩින්න ජනපති අනුරගේ පාරම තෝරා ගනී

වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට විශේෂඥ කමිටුවක්

  ජාතික සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා වෛද්‍ය අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ උපායමාර්ගික වැදගත්කම හඳුනා ගනිමින්, ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා සාමාජිකයන් 15 දෙනෙකුන් යුත් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවියගේ උපදෙස් පරිදියි. අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා … වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට විශේෂඥ කමිටුවක්

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත

මරණය තවමත් අභිරහසක් වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දි තිබෙනවා. මේ අතර ඔහුගේසිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඉන්දියාව දිගුදුර මිසයිල අත්හදා බැලීමක

මැයි 8 වන දින බෙංගාල බොක්ක හරහා ඉන්දියාව සිදු කළ කැපී පෙනෙන දිගු දුර මිසයිල දියත් කිරීම, ඉන්දු-පැසිෆික් කලාපය පුරා උපායමාර්ගික ගණනය කිරීම් වේගයෙන් දැඩි කර ඇත. මීට හේතුව මෙම පරීක්ෂණය චීනය, පකිස්ථානය සහ නැගී එන හයිපර්සොනික් ප්‍රහාරක ව්‍යුහයන් සම්බන්ධ වන න්‍යෂ්ටික නවීකරණ තරඟකාරිත්වයක් පවතින පසුබිමක සිදු වීමයි. ඔඩිෂා වෙරළ තීරයේ චන්දිපූර් සහ අබ්දුල් කලාම් … ඉන්දියාව දිගුදුර මිසයිල අත්හදා බැලීමක

පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හෙට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි – අදත් පළාත් 7කට මිලිමීටර් 100ට වැඩි තද වැසි

  පළාත් 7කට අද (10) දිනයේ මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු පළාත්වල එලෙස වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට ද එලෙස වැසි ඇති විය හැකියි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ … පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හෙට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි – අදත් පළාත් 7කට මිලිමීටර් 100ට වැඩි තද වැසි

ඔත්තු බැලූ චීන කතක් නෝර්වේහිදී අල්ලයි

චීන ජාතික කාන්තාවක් නෝර්වේ හිදී අත් අඩංගුවට ගෙන තිබේ. විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ නෝර්වේ රාජ්‍යය තුළ ඔත්තු බැලීමේ කටයුතුවලට සම්බන්ධ වූ බවට සැක කෙරෙන චීන ජාතික කාන්තාවක මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඇයට එරෙහි නඩුව විමර්ශනය කරන අතරතුර සති හතරක කාලයක් පොලිස් අත්අඩංගුවේ තබා ගැනීමට නෝර්වේ අධිකරණයක් නියෝග කළේය. මෙම නඩුවේ සැකකරුවන් කිහිප දෙනෙකුගෙන් එක් … ඔත්තු බැලූ චීන කතක් නෝර්වේහිදී අල්ලයි

තමිල්නාඩු මහ ඇමති ලෙස තලපති විජේ හෙට දිවුරුම් දෙයි

  තමිල්නාඩු මහ ඇමති ලෙස TVK නායක තලපති විජේ හෙට (10) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ, පෙරවරු 10 ට චෙන්නායිහි “නේරු” ක්‍රීඩාංගනයේදීයි. තමිල්නාඩු මහ ඇමති ලෙස TVK නායක විජේ පත් කෙරුණේ ආණ්ඩුකාරවරයා විසින්. තලපති විජේගේ තමිලග වෙට්රි කසාගම් හෙවත් TVK පක්ෂය ප්‍රමුඛ සන්ධානයට සහය දීමට VCK පක්ෂය සහ IUML පක්ෂය තීරණය කර තිබුණා. තමිල්නාඩුවේ මීළඟ … තමිල්නාඩු මහ ඇමති ලෙස තලපති විජේ හෙට දිවුරුම් දෙයි

කපිල චන්ද්‍රසේනගේ මරණ ගැන තවත් තොරතුරු අනාවරණ වෙයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා. මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර හමුවූයේ අංක 38, පේදීරිස් මාවත කොල්ලුපිටිය ලිපිනය පිහිටි ඔහුගේ ඥාති නිවසකදීයි. ;