Nishan Neth News

කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම මහතා නියෝග කලේ … කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය

කෝටියක් වටිනා මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධාන්තමක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනූව සිදුකළ වැටලීමදීයි. එහිදී මත්පෙති 3,406ක් සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. එම මත්පෙති තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න වනවා. සැකකරු වැඩ්දුර විමර්ශන සඳහා පිළියන්දල පොලිස් ස්ථානය වෙත … කෝටියක් වටිනා මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

පාසල් වෑන් රථයක් බෑවුමකට පෙරළී සිසුන් පිරිසක් රෝහලේ

පාසල් සිසුන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් නාවලපිටිය තිස්පණේ හන්දිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වීමෙන් පාසල් සිසුන් දහතුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. නාවලපිටිය කැටබුලාවේ සිට හරංගල දක්වා ධාවනයවූ එම වෑන් රථය අද උදෑසන නාවලපිටිය තිස්පණේ හන්දිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී බෑවුමකට පෙරලී යාමෙන් එම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අනතුරෙන් තුවාල ලැබූ … පාසල් වෑන් රථයක් බෑවුමකට පෙරළී සිසුන් පිරිසක් රෝහලේ

සරම්ප රෝගයෙන් බංග්ලාදේශයේ ළමුන් 10 මියයයි

බංග්ලාදේශයේ සරම්ප සහ සරම්ප වැනි රෝග ලක්ෂණ හේතුවෙන් තවත් ළමුන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේය. ඒ අනුව පසුගිය මාර්තු මැද භාගයේ සිට මේ දක්වා වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාව 294 දක්වා ඉහළ ගොස් ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ නිවේදනයකට අනුව, පසුගිය පැය 24 තුළ නව ආසාදිතයන් 1,260 කට … සරම්ප රෝගයෙන් බංග්ලාදේශයේ ළමුන් 10 මියයයි

වෛද්‍යවරයෙකුගේ නිවසට පැන්න සොරෙකුට අන්තිමට වුණ දේ

මහර ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගේ නිවසක් බිද මුදල් සොරකම් කිරීමට තැත් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. රාත්‍රි කාලයේ අදාළ සැකකරු නිවසට ඇතුළු වී ඇත්තේ ජනේලයක් බිද ප්‍රධාන දොර විවෘත කිරීමෙන් බවයි පොලීසිය පවසන්නේ. මුදල් සොයා නිවසේ බොහෝ ස්ථාන ඔහු පරීක්‍ෂා කර තිබෙනවා. මුදල් සොයා ගැනීමට නොහැකි වූ ඔහු හිස් අතින්ම නිවසින් පිටව ගොස් … වෛද්‍යවරයෙකුගේ නිවසට පැන්න සොරෙකුට අන්තිමට වුණ දේ

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් තලපති විජේගේ TVK පක්ෂයට දැවැන්ත ජයක් – යාපනය ඇතුළු උතුරු පළාතේ සැමරුම්

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් තලපති විජේගේ TVK පක්ෂය ලබාගත් ජයග්‍රහණය තමිල්නාඩු එල්ටීටීඊ හිතවාදී දේශපාලනයේ පරාජයක් බව සමාජ ක්‍රියාකාරික අරුන් සිද්ධාර්ථන් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ කච්චති දූපත සම්බන්ධයෙන් තලපති විජේ ආන්දෝළනාත්මක අදහසක් ඉදිරිපත් කල ද ඔහු ශ්‍රී ලංනාව සම්බන්ධයෙන් බෙදුම්වාදී අදහස් ඉදිරිපත් නොකල බවයි. තමිල්නාඩු දේශපාලන බල පෙරළිය මෙරට දේශපාලනයට ඇති කල හැකි බලපෑම සම්බන්ධයෙන් නෙත් නිව්ස් … තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් තලපති විජේගේ TVK පක්ෂයට දැවැන්ත ජයක් – යාපනය ඇතුළු උතුරු පළාතේ සැමරුම්

මෙරට මත්පැන් පරිභෝජනය ගැන අලුත් අනාවරණයක්

මෙරට මත්පැන් පරිභෝජනයur ඉහළ යමින් පවතින බවට සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වන බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පවපවසනවා. 2025 වසරේ දත්තවලට අනුව බියර් නිෂ්පාදනය 5%න් සහ මධ්‍යසාර නිෂ්පාදනය 17%න් ඉහළ ගොස් ඇති අතර ඒ හරහා මධ්‍යසාර පරිභෝජනය ඉහළ ගොස් ඇති බවට නිරීක්ෂණය වන බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙනවා. 2024 වසර ආරම්භයේ සිදුවූ සංශෝධනයෙන් පසු මේ … මෙරට මත්පැන් පරිභෝජනය ගැන අලුත් අනාවරණයක්

චීන ජාතිකයන් 37 ක් පිටුවහල් කෙරේ

වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි , චීන ජාතිකයන් 37 දෙනෙකු මෙරටින් පිටුවහල් කර තිබෙනවා. ඒ අතර   චීන ජාතික කාන්තාවන් 06 දෙනෙකු ද සිටි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ. ආගමන විගමන දෙපාර්තමේන්තු නීතිරීති උල්ලංඝනය කරමින් , අනීතික  ලෙස ශ්‍රී ලංකාව තුළ රැදී සිටිමින් , නීතිවිරෝධී කටයුතු වල නිරත වී සිටියදී මෙම … චීන ජාතිකයන් 37 ක් පිටුවහල් කෙරේ

වැලිකඩ සිරකරුවා මියගියේ නිලධාරීන්ගේ පහරදීමෙන්ද?

වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් ලබමින් සිටි රැඳවියෙකු හදිසියේ රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. එලෙස මිය ගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව බන්ධනාගාර ගතව සිටි සිරකරුවෙක් බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ. එම සිරකරුවා පෙරේදා දිනයේ වැලිකඩ බන්ධනාගාරයේ අභ්‍යන්තර එළිමහන් ක්‍රීඩාංගණය වෙත රැගෙන ගොස් තිබුණා. ඒ එම ක්‍රීඩාංගණය සුද්දපවිත්‍ර කර ගැනීම සඳහායි. එම අවස්ථාවේ අදාල සිරකරුවා බන්ධනාගාර නිලධාරීනගෙන් … වැලිකඩ සිරකරුවා මියගියේ නිලධාරීන්ගේ පහරදීමෙන්ද?