Nishan Neth News

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකිම් සහ එහි මහ ලේකම්ගේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

තමන්  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයින් බවට පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නැයි මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී එම කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ එහි මහ ලේකම් නිසාම් කාරියප්පර් යන මහත්වරු විසින් ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දීමකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. රවුෆ් හකීම් සහ නිසාම් කාරියප්පර් යන මහත්වරු විසින් ඉදිරිපත් … ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකිම් සහ එහි මහ ලේකම්ගේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

තමිල්නාඩුවේ ද්‍රවිඩ දේශපාලන බලකණු දෙදරුම් කයි – විජේ ජයග්‍රහණය අභියසට

තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ආසන 234 ක් සඳහා පැවති මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විටත් ඉතා උණුසුම් මුහුණුවරකින් සිදු වෙමින් පවතිනවා. දශක පහක පමණ කාලයක් තමිල්නාඩු දේශපාලනය හසුරුවන ලද DMK සහ ADMK යන ප්‍රධාන දේශපාලන පක්ෂ අබිබවා යමින්, ප්‍රකට නළු විජේගේ තමිලග වෙට්ට්‍රි කසාගම් හෙවත් TVK පක්ෂය මේ වන විට කැපී පෙනෙන ඉදිරියක් ලබා ගැනීමට … තමිල්නාඩුවේ ද්‍රවිඩ දේශපාලන බලකණු දෙදරුම් කයි – විජේ ජයග්‍රහණය අභියසට

නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට

වීසා කාලය ඉකුත් වී නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 50 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි    මහල් ගොඩනැගිල්ලක   සැගවී සිටියදීයී. ආගමන විගමන පාලක  ජනරාල්වරයාට ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත සිදු කල වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් 50 දෙනා … නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට

නව වැට් බදු සංශෝධන ජනතාව සහ ව්‍යාපාරිකයන් සූරාකෑමක් බව සජිත් කියයි

ලබන ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන නව වැට් බදු (VAT) සංශෝධන සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. විපක්ෂ නායකවරයා පැවසුවේ ශ්‍රී ලංකා ආර්ථිකය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ඩිජිටල් ආර්ථිකය ඉලක්ක කරගනිමින් රජය නව බදු සංශෝධන හඳුන්වා දීමට නියමිත බවයි. ලබන ජූලි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත … නව වැට් බදු සංශෝධන ජනතාව සහ ව්‍යාපාරිකයන් සූරාකෑමක් බව සජිත් කියයි

ක්‍රිකට් පරිවර්තන කමිටුවට පත් කල තවත් සාමාජිකයින් කිහිප දෙනෙකු පත්වීම් ලිපි ලබා ගනී.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවට පත් කල තවත් සාමාජිකයින් කිහිප දෙනෙකු අදත් පත්වීම් ලිපි ලබා ගත්තා. එලෙස පත්වීම් ලබා ගත්තේ තුශිර රදැල්ල, සිදත් වෙත්තමුනි, ප්‍රකාශ් රාෆ්ටර් සහ අවන්ති කොළඹගේයි. ක්‍රීඩා අමාත්‍ය සුනිල් ෂ්කුළ්මාර ගමගේ මහතා අතින් ඔවුන් මෙම පත්වීම් අද ලබා ගත්තා.

පළවන මාධ්‍ය වාර්තා ගැන හිටපු ජනපති මහින්දගේ පවුලේ සාමාජිකයන් යළි කතා කරයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට කැඳවීමක් කර ඇතැයි මාධ්‍ය මගින් වාර්තා කර තිබුණද එවැනි කැදවීමක් මේ දක්වා නොලැබුණු බව හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් පවසනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙවැනි කැදවීමක් සිදු කරන්නේ නම් ඒ බව දැනුම් දිය යුත්තේ මාධ්‍ය වෙත නොව කැදවන ලබන පුද්ගලයාට බවයි … පළවන මාධ්‍ය වාර්තා ගැන හිටපු ජනපති මහින්දගේ පවුලේ සාමාජිකයන් යළි කතා කරයි

ජපාන අගමැති ඔස්ට්‍රේලියාවට

ඉන්දු-පැසිෆික් කලාපය පුරා චීනයේ වර්ධනය වන ආර්ථික හා මිලිටරි බලපෑමට එරෙහිව පියවර ගැනීම සඳහා ආරක්ෂක සහ තීරණාත්මක ඛනිජ සබඳතා තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජපන් අගමැතිනී සානායි තකයිචි ඔස්ට්‍රේලියාවෙන් ඉල්ලා සිටියාය. ඒ ඇගේ ඔස්ට්‍රේලියානු සංචාරයට සමගාමීවයි. ඇය අද කැන්බරා හිදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් හමුවීමට ද නියමිතව තිබේ. ට්‍රම්ප් පරිපාලනය සහ චීනයේ වර්ධනය වන ආක්‍රමණශීලී බව … ජපාන අගමැති ඔස්ට්‍රේලියාවට

තමිල්නාඩු ඡන්දයෙන් තලපති විජේ පෙරමුණේ

ඉන්දියාවේ තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින්, කොලිවුඩ් නළු තලපති විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී පෙරළියක් සිදුකර තිබෙනවා. අද පෙරවරු 11 වන විට ලැබී ඇති මැතිවරණ ප්‍රතිඵලවලට අනුව, ප්‍රාන්ත සභාවේ මුළු ආසන 234න් ආසන 100කට වැඩි සංඛ්‍යාවක පෙරමුණ ගැනීමට සමත්වී තිබෙන්නේ තලපති විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. “එක් … තමිල්නාඩු ඡන්දයෙන් තලපති විජේ පෙරමුණේ

පාතාල අපරාධයකට සැරසුණු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු සමඟ සමීප සම්බන්ධතා පවත්වන සැකකරුවන් දෙදෙනෙකු අහුංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලපිටිය ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, එම පතරොම් ගැබ් 01 ක්, එම ජීව පතරොම් 16 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 500 ක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ බලපිටිය … පාතාල අපරාධයකට සැරසුණු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට