Nishan Neth News

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන දැනුවත්ව සිටි දෙදෙනෙක් පිළිබද හිටපු ආරක්ෂක ලේකම්වරයෙකුට සැකයක්

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන තොරතුරු දැන සිටි බව තමන් විශ්වාස කරන්නේ යැයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින් සඳහන් කළා. ඊට අමතරව නිලන්ත ජයවර්ධන මහතාද තොරතුරු දැන සිටි බවත් එම තොරතුරු … පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන දැනුවත්ව සිටි දෙදෙනෙක් පිළිබද හිටපු ආරක්ෂක ලේකම්වරයෙකුට සැකයක්

මැයි රැළි තියෙන තැන්වලට පොලීසිය කරන්න යන දේ

කොළඹ නගරය මෙන්ම දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක් ආශ්‍රිතව හෙට (01) දිනයේ විශේෂ ආරක්‍ෂාවක් සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. ඒ, හෙටට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන පෙළපාලි හා මැයි රැළි හේතුවෙන්. ඒ අනුව කොළඹ නගරයට අමතරව අනුරාධපුර, කුරුණෑගල, මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර සහ කළුතර යන නගර කේන්‍ද්‍ර කර … මැයි රැළි තියෙන තැන්වලට පොලීසිය කරන්න යන දේ

මැගසින් රැදවියා ඝාතන සිද්ධියට රිමාන්ඩ් කළ නිලධාරීන් කළුතර බන්ධනාගාරයට

මැගසින් බන්ධනාගාරයේ රැදවියෙකු මිය යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කළ නිලධාරීන් පස් දෙනා කළුතර බන්ධනාගාරයේ රදවා තිබෙනවා. එම සිද්ධියට අදාළව ජේලර්වරයෙකු සහ නියාමකවරුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ බොරැල්ල පොලීසිය මගින්. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 7 වනදා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. මැගසින් බන්ධනාගාරයේදී මියගිය රැදවියාගේ සොහොයුරෙකු සහ තවත් ඥාතින් කිහිප … මැගසින් රැදවියා ඝාතන සිද්ධියට රිමාන්ඩ් කළ නිලධාරීන් කළුතර බන්ධනාගාරයට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ නඩුවල තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් යයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වන දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුවල තීන්දු අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. එහෙත් විනිසුරුවරයා නිවේදනය කළේ මෙම නඩුවල තීන්දු … හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ නඩුවල තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් යයි

මුදල් කාරක සභා රැස්වීමට එන්නෙ නැහැ කියූ මුදල් ලේකම්වරයා එන බවට වාර්තා

පාර්ලිමේන්තුවේදී අද පස්වරු එකට පැවැත්වෙන මුදල් කාරක සභාවේ විශේෂ රැස්වීම සදහා මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම මහතා සහභාගි වන බවට වාර්තා පළ වනවා. මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම මහතා එම රැස්වීමට සහභාගි නොවන බවට දන්වා ඇතැයි මුදල් කාරක සභාවේ සහභාපති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මීට පෙර ප්‍රකාශ කළා. කෙසේවෙතත් … මුදල් කාරක සභා රැස්වීමට එන්නෙ නැහැ කියූ මුදල් ලේකම්වරයා එන බවට වාර්තා

ක්‍රිකට් ලොකු පුටුවේ වැඩ භාරගත් ඉරාන් තීරණාත්මක සාකච්ඡාවක

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සභාපති ලෙස වැඩ භාර ගැනීම සදහා ඉරාන් වික්‍රමරත්න මහතා අද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණියා. එහිදී සිදුකළ ආගමික වතාවත්වලින් අනතුරුව ඉරාන් වික්‍රමරත්න මහතා ධුරයේ වැඩ භාරගත් බවයි එම අවස්ථාව ආවරණය කළ නෙත් නිවුස් වාර්තාකරු වසන්ත නිරෝෂන් පැවසුවේ. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ විශේෂ සාකච්ඡාවක් එහි සභාපති … ක්‍රිකට් ලොකු පුටුවේ වැඩ භාරගත් ඉරාන් තීරණාත්මක සාකච්ඡාවක

පාකිස්තානයේ ආහාර අනාරක්ෂිතභාවය ගැන රතු එළියක්

එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලබන නව වාර්තාවක් මගින් උග්‍ර ආහාර අනාරක්ෂිත භාවය වැඩිපුරම පවතින රටවල් 10 අතරට පාකිස්තානය ද ඇතුළත් කර ඇත. විශාල කෘෂිකාර්මික පදනමක් ඇති රටක් සම්බන්ධයෙන් මෙම සොයා ගැනීම පුදුමයට කරුණක් ලෙස පෙනෙන්නට තිබුණද, එය එසේ නොවිය යුතුය. මූලික වශයෙන්, පාකිස්තානයේ ආහාර අනාරක්ෂිත භාවය ඒකරාශී වීම යනු, නැවත නැවතත් සිදු වූ දේශගුණික බලපෑම් සහ … පාකිස්තානයේ ආහාර අනාරක්ෂිතභාවය ගැන රතු එළියක්

ඉන්දියාව සහ රුසියාව අතර වැදගත් ආරක්ෂක ගිවිසුමක්

ලොව විශාලතම හමුදාවන් දෙකක් වන රුසියාව සහ ඉන්දියාව, එකිනෙකාගේ භූමිය තුළ සොල්දාදුවන් සහ ගුවන් යානා ස්ථානගත කිරීමට අවසර දෙමින් ඔවුන්ගේ වඩාත්ම වැදගත් ආරක්ෂක ගිවිසුමට එළඹ ඇත. පසුගිය වසරේ අත්සන් කරන ලද සහ මේ වන විට ක්‍රියාත්මක වන ‘අන්‍යෝන්‍ය සැපයුම් ආධාර හුවමාරු’ (RELOS) ද්විපාර්ශ්වික ගිවිසුම මගින් සාම කාලයේදී මෙන්ම යුද සමයේදීත් දෙරටේ හමුදා කඳවුරු, නාවික වරාය … ඉන්දියාව සහ රුසියාව අතර වැදගත් ආරක්ෂක ගිවිසුමක්

වෛද්‍යවරියන් කිහිප දෙනෙකු හෝටලයක නාමින් සිටියදී වීඩියෝ කළ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට වැඩ වරදී

නාරාහේන්පිට පෞද්ගලික හෝටලයක වෛද්‍යවරියන් කිහිප දෙනෙකු නාන කාමරයේ සිටියදී එය වීඩියෝ කළ තරුණයන් දෙදෙනෙකු ඒවා අන්තර් ජාලයට මුදාහැර ඇත්දැයි සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. සම්මන්ත්‍රණයක් සඳහා පැමිණ නාරාහේන්පිට පෞද්ගලික හෝටලයක නවාතැන්ගෙන සිටි වෛද්‍යවරියන් කිහිපදෙනෙකු නාන කාමර තුළ දිය නාමින් සිටියදී, සැකකාර තරුණයන් දෙදෙනා සිය ජංගම දුරකථන මගින් එය වීඩියෝ කර ඇති බවයි පොලීසිය පැවසුවේ. … වෛද්‍යවරියන් කිහිප දෙනෙකු හෝටලයක නාමින් සිටියදී වීඩියෝ කළ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට වැඩ වරදී