Nishan Neth News

කොළඹට එන සාම පා ගමන නිසා හෙට කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

“Walk for Peace” හෙවත් සාම පාගමන හේතුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් හෙට (28) විශේෂ රථවාහන ධාවන සැලැස්මක් ක්‍රියාත්මක වනවා. සාම පාගමන හෙට පස්වරුවේ කොළඹට ළගාවීමට නියමිතයි. පසුව ජනාධිපති අනුර කුමාර දිසානයක මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේදී උත්සවයක් ද පැවැත්වෙනවා. ඒ අනුව හෙට පෙරවරු 11:00 සිට මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති. බණ්ඩාරනායක වටරවුමේ සිට … කොළඹට එන සාම පා ගමන නිසා හෙට කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

බදියුදීන්ගේ නඩුවෙන් තවත් විනිසුරුවරයෙකු ඉවත් වෙයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් විභාග කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු අද ඉවත් වුණා. රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත්තේ විල්පත්තු රක්ෂිතය ආසන්නයේ වනාන්තර හෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබාදුන් මුල් නඩු තීන්දුවට එරෙහිවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේ මෙම අභියාචනය විභාගයට ගැනෙමින් තිබෙනවා. එසේ තිබියදී … බදියුදීන්ගේ නඩුවෙන් තවත් විනිසුරුවරයෙකු ඉවත් වෙයි

ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරියක වශයෙන් නම්කර සිටි නීතිඥවරියක් රිමාන්ඩ්

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක වශයෙන් නම්කර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි නීතිඥ තමරා කුමාරි අබේරත්න නමැත්තිය රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ අනුව සැකකාරිය ලබන මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියෝග කළේ. අදාල රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් … ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරියක වශයෙන් නම්කර සිටි නීතිඥවරියක් රිමාන්ඩ්

මන්ත්‍රී අර්ජුනා අධිකරණයට රැගෙන යයි

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා මල්ලාකම් අධිකරණය වෙත රැගෙන ගොස් තිබෙනවා. ඒ, යාපනය, ඉලවාලි පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. ගිනි අවියක් පෙන්වා සාපරාධී බියවැද්දීම සහ අයුතු ඇතුළුවීම යන චෝදනා යටතේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, යාපනය, ඉලවාලි පොලීිසිය ලද පැමිණිල්ලකට අනුවයි.

ගුවන් හමුදා ඉහළ නිලධාරියෙක් ගමන් ගත් මෝටර් රථයකට හදිසියේ වූ දේ

ගුවන් හමුදාවට අයත් මෝටර් රථයක් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝමීටර 17 දශම 05 සීදුව සහ ජා ඇල අතරදී හදිසියේ ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න ඇතිවන අවස්ථාවේදී ගුවන් හමුදාවේ ඉහළ නිලධාරියෙකු එම මෝටර් රථයේ ගමන් කරමින් සිට ඇතැයි පමුණුගම පොලිසිය පැවසුවා. අදාළ මෝටර් රථය කොළඹ සිට කටුනායක දෙසට ධාවනය කිරීමේදී මෙම ගින්න හටගෙන තිබෙනවා. ගින්නෙන් … ගුවන් හමුදා ඉහළ නිලධාරියෙක් ගමන් ගත් මෝටර් රථයකට හදිසියේ වූ දේ

රටම කතා කළ පොලිස් නිලධාරියෙක් විශ්‍රාම යන්න සැරසෙයි

එල්ල වූ පදනම් විරහිත චෝදනා සහ ඒ හරහා ඇති වූ පීඩනය හේතුවෙන් නුදුරේදීම තමන් පොලිස් සේවයෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් ද සිල්වා මහතා පවසනවා. සිය රාජකාරී කාලය තුළ තමන් යටතේ සේවය කළ පොලිස් නිලධාරීන්ට ද නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සලසා දුන් බවයි සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් ඔහු කියාසිටියේ. තමන් … රටම කතා කළ පොලිස් නිලධාරියෙක් විශ්‍රාම යන්න සැරසෙයි

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන රදවාගෙන ප්‍රශ්න කරන චීවරධාරීන්ගෙන් පරස්පර ප්‍රකාශ

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන රදවාගෙන ප්‍රශ්න කෙරෙන චීවරධාරීන් විසි දෙදෙනාගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් හමුවේ මේ වනවිට පරස්පර අදහස් ප්‍රකාශ වෙමින් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා. ඇතැම් චීවරධාරීන් ප්‍රකාශ කර ඇත්තේ දිවයිනට රැගෙන ආ සිය ගමන් මලුවල මත්ද්‍රව්‍ය තිබුණේ දැයි තමන් නොදැන සිටි බවයි. එහෙත් තවත් චීවරධාරීන් කිහිපදෙනෙකු පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ සිය අනුදැනුම … මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන රදවාගෙන ප්‍රශ්න කරන චීවරධාරීන්ගෙන් පරස්පර ප්‍රකාශ

කල් දැමූ විදුහල්පති විභාගය කඩිනමින් පවත්වන්න – විදුහල්පති සංගමයකින් අගමැතිට ලිපියක්

කල් දැමූ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන් වන පංතිය සදහා බදවා ගැනීමේ තරග විභාගය කඩිනම් පවත්වන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය අග්‍රාමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම සංගමයේ සභාපති සුගීෂ්වර විමලරත්න මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ ඊයේ (26)  දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ එම විභාගය හදිසියේ කල් දැමීම … කල් දැමූ විදුහල්පති විභාගය කඩිනමින් පවත්වන්න – විදුහල්පති සංගමයකින් අගමැතිට ලිපියක්

මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අද උදැසන අත්අඩංගුවට ගැණුනා. ඒ, යාපනය, ඉලවාලි පොලීිසියට ලද පැමිණිල්ලකට අනුවයි. ගිනි අවියක් පෙන්වා සාපරාධී බියවැද්දීම සහ අයුතු ඇතුළුවීම යන චෝදනා යටතේ ඔහු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.