Nishan Neth News

බ්‍රිතාන්‍ය ජාතිකයන් ලක්ෂ 5කගේ වෛද්‍ය දත්ත චීන වෙබ් අඩවියක අලෙවි වේ

බ්‍රිතාන්‍ය ජාතිකයන් ලක්ෂ 5කගේ වෛද්‍ය දත්ත චීන වෙබ් අඩවියක අලෙවි වේ එක්සත් රාජධානියේ ‘UK Biobank’ නම් සෞඛ්‍ය පුණ්‍යායතනයක දත්ත, චීනයේ ‘Alibaba’ විද්‍යුත් වාණිජ වේදිකාව හරහා විකුණුම්කරුවන් තිදෙනෙකු විසින් විකිණීමට තබා තිබූ බව බ්‍රිතාන්‍ය රජයේ අමාත්‍යවරයකු බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. විද්‍යා, නවෝත්පාදන සහ තාක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජ්‍ය අමාත්‍යවරයකු වන ඉයන් මරේ (Ian Murray) පාර්ලිමේන්තුවට පැවසුවේ, පසුගිය සඳුදා … බ්‍රිතාන්‍ය ජාතිකයන් ලක්ෂ 5කගේ වෛද්‍ය දත්ත චීන වෙබ් අඩවියක අලෙවි වේ

අහංගම රෙස්ටුරන්ට් එකකට STF කඩා පනී – සැකකරුවෙකුත් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව මහා පරිමාණයෙන් මත්පැන් අළෙවි කළ අවන්හලක් නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා. ඒ, එම බලකායේ මාතර කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අහංගම, අරංවල හංදිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි. එහිදී විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 60 ක් සහ බියර් කෑන් 335 ක් සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. … අහංගම රෙස්ටුරන්ට් එකකට STF කඩා පනී – සැකකරුවෙකුත් අත්අඩංගුවට

ඉන්දියාවේ විදේශ විනිමය වාර්තා ගත ලෙස ඉහළට

අප්‍රේල් 17 වැනිදායින් අවසන් වූ සතිය තුළ ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 2.362 කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 703.308 ක් දක්වා වර්ධනය වූ බව ඉන්දියානු මහ බැංකුව ඉකුත් සිකුරාදා (24) ප්‍රකාශ කළේය. මීට පෙර වාර්තා වූ සතියේදී, විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 3.825 කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 700.946 ක් ලෙස සටහන් විය. … ඉන්දියාවේ විදේශ විනිමය වාර්තා ගත ලෙස ඉහළට

ඉරානය සමග සාකච්ඡා කරන්න ඇමෙරිකා විශේෂ නියෝජිතයන් දෙදෙනෙක් අද පකිස්තානයට

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සමග විශේෂ සාකච්ඡා පැවැත්වීම සඳහා ඇමරිකානු විශේෂ නියෝජිතයින් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් අද දිනයේ පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා. ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් දැනට මෙම සංචාරයට එක්වීමට සැලසුම් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් අමෙරිකානු විශේෂ නියෝජිතයන් දෙදෙනා සහ … ඉරානය සමග සාකච්ඡා කරන්න ඇමෙරිකා විශේෂ නියෝජිතයන් දෙදෙනෙක් අද පකිස්තානයට

මගීන්ගෙන් වැඩිපුර මුදල් ගන්න බස් රථ සොයා පොලීසියෙන් මෙහෙයුමක්

මගී ප්‍රවාහන බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් නියමිත ගාස්තුවට වඩා වැඩිපුර මුදල් අය කරන බස් රථ හිමියන්ට, රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා. ඒ, පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික බස් රථවල මගීන්ගෙන් නියමිත ගාස්තුවට වඩා වැඩිපුර ගාස්තු අය කරන බවට ලැබී … මගීන්ගෙන් වැඩිපුර මුදල් ගන්න බස් රථ සොයා පොලීසියෙන් මෙහෙයුමක්

ඌවේ මහා රන් ගැටුමේ අවසන් දිනය අද

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය සහ බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලය අතර 21 වන වරටත් පැවැත්වෙන ඌවේ මහා රන් ගැටුම වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. ඊයේ දිනය නිමාවන විට සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලය කඩුළු 8කට ලකුණු 95ක් රැස්කර ගෙන සිටියා. ඊයේ දිනයේ සිදුවූ කැපී පෙනෙනම සිද්ධිය වූයේ බණ්ඩාරවෙල … ඌවේ මහා රන් ගැටුමේ අවසන් දිනය අද

විදුහල්පති විභාගය දින නියමයක් නොමැතිව කල් දමයි

හෙට (26) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය නැවත දැනුම් දෙන තුරු කල් දමා තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ නොවැළැක්විය හැකි හේතුවක් මත එම විභාගය එලෙස නැවත දැනුම් දෙන තුරු කල් දැමු බවයි.

ඒහිපස්සිකෝ සාම පාද යාත්‍රාව අද මාවනැල්ලේ සිට තෝලංගමුවට

“ඒහි පස්සිකෝ“ සාම පාද යාත්‍රාවේ සිව් වන දිනය අදයි. එම පාද යාත්‍රාව මාවනැල්ල, බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරයේ සිට තෝලංගමුව ජාතික පාසල දක්වා අද දිනයේ ගමන් කිරීමට නියමිතයි. “ඒහිපස්සිකෝ” ලෙස නම් කර ඇති සාම පාගමන පසුගියාදා ආරම්භ වූයේ දඹුල්ල පූජා නගරයෙන්. වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා සමග ”ආලෝකා” සුනඛයා ද මෙම … ඒහිපස්සිකෝ සාම පාද යාත්‍රාව අද මාවනැල්ලේ සිට තෝලංගමුවට

දුන් පොරොන්දු ඉටුකරන කාලය ගැන ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් රතු කට්ටේදී අනාවරණයක්

වත්මන් ආණ්ඩුව බලයට පැමිණීටම පෙර ලබා දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටුකරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඔහු කියා සිටියේ ආණ්ඩුවට බලය ලැබුණු අවුරුදු 05 අවසන් වන විට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බවයි. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.