Nishan Neth News

මැදිරි වෙනස් කරමින් සාගරිකා සදුදා සිට ධාවනයට

වෙනස්කම් සහිතව සුපුරුදු වේලාවට සාගරිකා දුම්රිය ලබන සදුදා සිට යළි ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදි (24) එම දුම්රිය වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේදි පීළිපැනීමකට ලක් වුණා. එහිදී එම දුම්රියේ මැදිරි 7ක්ම පීලි පැනීමකට ලක්ව තිබුණා. කෙසේවෙතත් එම දුම්රිය යළි පීළිගත කිරීමෙන් පසු එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා. … මැදිරි වෙනස් කරමින් සාගරිකා සදුදා සිට ධාවනයට

බක්මහ උළෙලකදි පොලිස් නිලධාරියෙකු ඝාතන කළ සිද්ධියට අත්අඩංගුවට ගත් පියපුතු දෙපළ රිමාන්ඩ්

වලස්මුල්ල බෝවල ප්‍රදේශයේ පැවති බක්මහ උළෙලකදි පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, පොලීසිය විසින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ලබාදුන් නියෝගයක් මතයි. ඒ, අනුව එලෙස රිමාන්ඩ් කර ඇත්තේ එකම පවුලේ පිය පුතු දෙපළක්. පසුගිය 16 වනදා වලස්මුල්ල … බක්මහ උළෙලකදි පොලිස් නිලධාරියෙකු ඝාතන කළ සිද්ධියට අත්අඩංගුවට ගත් පියපුතු දෙපළ රිමාන්ඩ්

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හිමි වූ ඉලක්කය

සංචාරක බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන අවසන් සහ තුන්වන එක්දින තරගය ජය ගැනීම සදහා සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 214 ක ඉලක්කයක් හිමිව තිබෙනවා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණු 213ක් රැස් කළා. එහිදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් සෝභානා මොස්ටරි පන්දු 80කදී … බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හිමි වූ ඉලක්කය

කෝටි ගණනක කුෂ් දිවයිනට රැගෙන ආ ඡායාරූප ශිල්පියෙක් අත්අඩංගුවට

” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ඒවා ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ”හරිත මාවත ” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකල වටලිමකදියි, සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ජායාරූප ශිල්පියෙක් … කෝටි ගණනක කුෂ් දිවයිනට රැගෙන ආ ඡායාරූප ශිල්පියෙක් අත්අඩංගුවට

බක් මහ උළෙලක ගැටුමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්‍ෂයට

වලස්මුල්ල, බෝවල ප්‍රදේශයේ නිවසකට යාබදව පැවති බක්මහ උළෙලකදී සිදුව තිබු බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලබා සිටි මාලිගාවත්ත පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ඒ, ඔහු කරාපිටිය මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අප්‍රේල් මස 16 වන දින පැවති බක්මහ උළෙල අවසානයේ එම ස්ථානය පිරිසුදු කරමින් සිටියදී අදාල … බක් මහ උළෙලක ගැටුමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්‍ෂයට

විදුහල්පති විභාගය කල් දැමූ හේතුව එළියට

කල් දැමූ විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය මසක් ඇතුළත පැවැත්වීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී අධ්‍යාපන ලේකම්වරයා පැවසුවේ එම විභාගයට අදාළව නිකුත් කළ අයදුම්පත්වල පැවති තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් විභාග කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගත් බවයි. විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට … විදුහල්පති විභාගය කල් දැමූ හේතුව එළියට

බස් ගාස්තු වැඩිපුර ගන්න කොන්දොස්තරවරු අල්ලන පොලීසියේ මෙහෙයුමට බස් හිමියන්ගේ විරෝධය

මගී ප්‍රවාහන බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් නියමිත ගාස්තුවට වඩා වැඩිපුර මුදල් අය කරන්නේ දැයි සොයා බැලීමට පොලීසියට අයිතියක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් කියාසිටියේ පොලීසිය එලෙස කටයුතු කිරීමට පියවර ගත හොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි. කෙසේවෙතත් පොලීසිය පැවසුවේ එලෙස මගීන්ගෙන් … බස් ගාස්තු වැඩිපුර ගන්න කොන්දොස්තරවරු අල්ලන පොලීසියේ මෙහෙයුමට බස් හිමියන්ගේ විරෝධය

ත්‍රස්තවාදී ක්‍රියාවලට රට තුළ ඉඩක් නොමැති බව ඉන්දියාව කියයි

පහලගම් ත්‍රස්ත ප්‍රහාරයට වසරක් සපිරෙන 22 වනදා X පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දියාව පැවසුවේ කිසිවිටෙකත් කිසිදු ආකාරයක ත්‍රස්තවාදයකට හිස නොනමන බවයි. ත්‍රස්තවාදීන්ගේ දරුණු සැලසුම් කිසිලෙසකත් සාර්ථක නොවන බවත් අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කළේය. එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඇතුළු රටවල් කිහිපයක් ද මෙම අවස්ථාවේදී ඉන්දියාව සමඟ සහයෝගීතාවය පළ කරමින් වින්දිතයන් වෙනුවෙන් ශෝකය පළ කර තිබිණි. “පසුගිය වසරේ අද … ත්‍රස්තවාදී ක්‍රියාවලට රට තුළ ඉඩක් නොමැති බව ඉන්දියාව කියයි

සාම පා ගමනට බාධා එපා – පොලීසිය මහජනතාවට කියයි

සාම පාගමනේ නිරත භික්ෂුන්වහන්සේට බාධාවන ආකාරයෙන් කටයුතු නොකරන්නැයි ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ එම භික්ෂුන් වහන්සේට ආරක්ෂාව සැලසීමටද මහජන සහය අවශ්‍ය බවයි. ඇතැම් ප්‍රදේශ හරහා සාම පාගමන ගමන් කිරීමේදී තල්ලුකර ගැනීම්, තෙරපීම් හා විඩියෝගත කිරීම් හේතුවෙන් ඊට බාධා එල්ල වුණා. ඇතැමුන් ආලෝකා සුනඛයා ස්පර්ෂ කිරීමට සහ … සාම පා ගමනට බාධා එපා – පොලීසිය මහජනතාවට කියයි