Nishan Neth News

භාණ්ඩාගාර ඩොලර් සොරකම ගැන විගණන විමර්ශනයක් ඉල්ලයි

මහා භාණ්ඩාගාරයේ විදෙස් ණය ගෙවීමකදී අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපති විමර්ෂණයක් සිදුකල යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසුවේ මුදල් අමාත්‍යංශය යටතේ මේ සම්බන්ධයෙන් සිදුවන විමර්ෂණ කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි බවයි. මහා භාණ්ඩාගාරයේ විදෙස් ණය ගෙවීමකදී අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් … භාණ්ඩාගාර ඩොලර් සොරකම ගැන විගණන විමර්ශනයක් ඉල්ලයි

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් අද දිනයේ යථා තත්ත්වයට

සාගරිකා දුම්රිය පීලි පැනීම හේතුවෙන් අඩාල වූ මුහුදුබඩ මාර්ගයේ ධාවන කටයුතු අද දිනයේදී සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා කියා සිටියේ සදුදා වන විට මගීන්ට කිසිදු අපහසුතාවයකින් තොරව ගමන් කිරීම සදහා දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට තටයුතු කරමින් … මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් අද දිනයේ යථා තත්ත්වයට

ඉරාන යුද්ධය ගැන අමෙරිකාවෙන් විශේෂ අනාවරණයක්

ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය සහ පනවා ඇති මුහුදු අවහිරතා සම්බන්ධයෙන් අමෙරිකානු ආරක්ෂක අංශ අද අනාවරණයක් සිදු කළා. අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ සන්නද්ධ බලකා ප්‍රධානී ජෙනරාල් ඩෑන් කේන් පවසන්නේ, ඉරානය සමඟ දැනට පවතින සටන් විරාමය අවසන් වුවහොත් ඕනෑම මොහොතක ප්‍රහාර එල්ල කිරීමට තම හමුදාව සූදානම් බවයි. ඉරාන වරායන් අවහිර කරමින් අමෙරිකාව පනවා ඇති … ඉරාන යුද්ධය ගැන අමෙරිකාවෙන් විශේෂ අනාවරණයක්

ඊශ්‍රායල – ලෙබනන සටන් විරාමයත් දීර්ඝ කෙරේ – ඊළඟට කරන දේ ට්‍රම්ප් කියයි

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කෙරුණු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ධවල මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකින් පසුවයි ජනාධිපතිවරයා මේ බව නිවේදනය කළේ. ධවල මන්දිරයේ පැවති මෙම සාකච්ඡාව සඳහා උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ද සහභාගී වී සිටියා. සාකච්ඡාවෙන් පසු අදහස් දැක්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් … ඊශ්‍රායල – ලෙබනන සටන් විරාමයත් දීර්ඝ කෙරේ – ඊළඟට කරන දේ ට්‍රම්ප් කියයි

හිටපු ජනපති රනිල්ගේ නිවසට CID කණ්ඩායමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද පැමිණ තිබෙනවා. ඒ, හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහායි.

ජොන්ස්ටන්ට ඇප

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අදාළ නඩුව අද වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. ලංකා සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරන … ජොන්ස්ටන්ට ඇප

පාස්කු නඩුවට අදාලව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විත්ති කූඩුවේ සිට තමන් සිදු කළ ප්‍රකාශයට අලුතින් කරුණු එක් කිරීමට අවසර දෙන ලෙස විත්තිකාර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් කළ ඉල්ලීම කොළඹ … පාස්කු නඩුවට අදාලව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

සාගරිකා පීලිගත කර මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය පස්වරුවේ යළි ඇරඹීමට මෙහෙයුමක්

සාගරිකා දුම්රිය පීලි පැනීමකට ලක් වූ වාද්දූව සහ පිංවත්ත දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය පිළිසකර කර අද පස්වරුව වනවිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කිහිපයක් හෝ ධාවනය කරවීමට උපරිම වශයෙන් උත්සාහ ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පැවසුවේ දුම්රිය පීලි පැනීමට ලක් වූ ස්ථානය පිළිසකර කිරීම සදහා සිය දෙපාර්තමේන්තුවේ සියළුම කාර්මික හා … සාගරිකා පීලිගත කර මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය පස්වරුවේ යළි ඇරඹීමට මෙහෙයුමක්

යෝෂිත රාජපක්ෂගේ නඩුවක් කල් යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ජූනි මස 10 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. ඒ, එම නඩුවකොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ අද කැදවු අවස්ථාවේදීයි. එහිදී රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනාවලට … යෝෂිත රාජපක්ෂගේ නඩුවක් කල් යයි