Nishan Neth News

පුරාවස්තු සොයා කැණීම් සිදුකළ දෙදෙනෙකු අත්අඩංගුවට

පොල්පිතිගම, බලගොල්ල ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණිම් සිදුකරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පුරාවස්තු සොයා ඉඩමක කැණීම් සිදුකරමින් සිටින බවට පොල්පිතිගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. එහිදි අත්අඩංගුවට ගෙන ඇත්තේ මාඑළිය හා පොල්පිතිගම ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. කැණීම් සදහා යොදාගත් උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිසිය … පුරාවස්තු සොයා කැණීම් සිදුකළ දෙදෙනෙකු අත්අඩංගුවට

ඇලෝසියස්ගේ සමාගමකට අධිකරණය දුන් නියෝගය

ගෙවීම පැහැර හැර තිබෙන හිඟ වැට් බදු මුදල් නියමිත පරිදි ගෙවා අවසන් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කළා. ඒ, අදාල බදු මුදල් ගෙවීම සඳහා සහනයක් ලබා දෙන ලෙස එම සමාගම කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා මෙම නියෝගය කළේ 2016 හා 2017 යන වර්ෂවලට අදාළව … ඇලෝසියස්ගේ සමාගමකට අධිකරණය දුන් නියෝගය

තැන තැන සිදුවූ තවත් අනතුරු කිහිපයකින් අහිමි වූ ජීවිත

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තිබෙනවා. ලුණුගල පොලිස් වසමේ බදුල්ල – මඩකලපුව මාර්ගයේ හොප්ටන් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 67 හැවිරිදි ලුණුගල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් මියගොස් ඇති බවයි ලුණුගල පොලීසිය පැවසුවේ. පස්සර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරලී ගොස් අනතුර සිදුව තිබෙනවා. එම අනතුරින් … තැන තැන සිදුවූ තවත් අනතුරු කිහිපයකින් අහිමි වූ ජීවිත

මාර්ග සංඥාවක නැග විරෝධතාවක යෙදී සිටි පුද්ගලයෙකු පොලිස් භාරයට

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල මාර්ග සංඥා කුළුණක නැග සිටි පුද්ගලයෙකු ඉන් බස්සවා කොටුව පොලීසිය වෙත රැගෙන ගොස් තිබෙනවා. ඔහු එම කුළුණ මතින් පහතට ගෙන ඇත්තේ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. අදාළ පුද්ගලයා මීට පෙර අවස්ථාවකදී ද මෙවැනි කණුවකට නැග මෙලෙස විරෝධතාවයේ යෙදී ඇති බව පොලීසිය පැවසුවා.

ජනපති අනුරගෙන් ක්‍රිකට් සභාපති ශම්මිට කැදවීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා වහාම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවට කැදවීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ, පවතින ගැටළු කිහිපයක් පිළිබද වත්මන් සහ හිටපු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා හමුවේ සිදුකළ කරුණු දැක්වීමකින් අනතුරුව ගත් තීරණයකට අනුව බවයි වාර්තා වුණේ.  

හැකර්වරුන් භාණ්ඩාගාරයෙන් මුදල් සොරා ගැනීම ගැන මුදල් අමාත්‍යාංශයෙන් යළිත් ප්‍රකාශයක්

සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අත්පත් කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ෂණයක් ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා පවසනවා. ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී තීරණ ගනු ඇති බවයි ඔහු කියා සිටියේ. මේ තුළින් කිසිදු ණය පැහැර හැරීමක් සිදු නොවන බවයි ඔහු කියා සිටියේ. සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් … හැකර්වරුන් භාණ්ඩාගාරයෙන් මුදල් සොරා ගැනීම ගැන මුදල් අමාත්‍යාංශයෙන් යළිත් ප්‍රකාශයක්

කසාගල අධිවේගී පිවිසුම අසලදී කැබ් රථයකින් සොයාගත් පුපුරණ ද්රව්ය තොගය

වීරකැටිය, කසාගල අධිවේගී පිවිසුම ආසන්නයේදී කැබ් රථයක් පරික්ෂා කිරීමේදි එහි තිබී පුපුරණ ද්රව්ය තොගයක් සොයාගෙන තිබෙනවා. එම කැබ් රථයේ පිටුපස කොටසේ අදාළ පුපුරණ ද්රව්ය තොගය සූක්ෂම ලෙස සගවා තිබූ බවයි තංගල්ල පොලීසිය පැවසුවේ. එහි තිබී වෙඩි බෙහෙත් කිලෝග්රෑම් 14ක්, ජෙලට් නයිට් කූරු 240ක්, ඇමෝනියා කිලෝග්රෑම් 350ක්, ඩෙටනේටර් 490ක් හා අඩි 5,600ක් දිග වෙඩි බෙහෙත් වයර් … කසාගල අධිවේගී පිවිසුම අසලදී කැබ් රථයකින් සොයාගත් පුපුරණ ද්රව්ය තොගය

සාගරිකා පීලි පනී – මුහුදුබඩ දුම්රිය ධාවනය වාද්දූවෙන් සම්පුර්ණයෙන්ම ඇණ හිටී

මුහුදුබඩ මාර්ගයේ දූම්රිය ධාවනය වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයෙන් සම්පුර්ණයෙන් අවහිර වී තිබෙනවා. ඒ, බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය එම ස්ථානයේදි පීලි පැනීම හේතුවෙන්. ඒ අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මංතීරු දෙකෙහිම දුම්රිය ධාවනය වාද්දූවෙන් සම්පුර්ණයෙන්ම නතර වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.  

ලබා දී තිබූ නිවාඩුවක් ගැන රජය ගත් අලුත්ම තීරණය

ලබන මැයි 02 වනදා ලබාදුන් රජයේ නිවාඩුව මැයි 31 වනදා ලෙස සංශෝධනය කර තිබෙනවා. වෙසක් සතිය මැයි 27 දින සිට ජුනි 02 දක්වා ප්‍රකාශයට පත්කර කිරීම හේතුවෙන් එලෙස මැයි දෙවනදා රජ යේ නිවාඩුව සංශෝධනය කළ බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පැවසුවේ. මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර, තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ දී … ලබා දී තිබූ නිවාඩුවක් ගැන රජය ගත් අලුත්ම තීරණය