Nishan Neth News

නව බලශක්ති ඇමති දිවුරුම් දෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක මහතා පත් කරනු ලැබ තිබෙනවා. ඒ අනුව අනුර කරුණාතිලක මහතා අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපතිවරයා ඉදිරියේ බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම්  දුන්නා. බලශක්ති අමාත්‍ය ධුරයට අමතරව ඔහු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනවා. ගල් අගුරු ගණු දෙනු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශණවලට සහය … නව බලශක්ති ඇමති දිවුරුම් දෙයි

ඉන්දීය උප ජනපති දිවයිනෙන් පිටව යයි

දෙදින නිල සංචාරයක නිරත වූ  ඉන්දියානු උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (20)  පස්වරුවේ යලි ඉන්දියාව බලා පිටත්ව ගියා. ඉන්දීය උප ජනාධිපතිවරයා අද නුවරඑළියේ සංසංචාරයක නිරත වුණා. එරට ගුවන්  හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් එරට උප ජනාධිපතිවරයා රාගල සිංහල විද්‍යාලයේ ක්‍රීඩාංගණයට පැමිණ ඉන්දීය සම්භවයක් සහිත වතු දෙමළ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ වැඩකටයුතු … ඉන්දීය උප ජනපති දිවයිනෙන් පිටව යයි

ජපානයට පළමු සුනාමි රළ කඩා වදී –  දැවැන්ත සුනාමි රළකට සූදානම් වන ලෙසට අනතුරු ඇගවීමක්

ජපානයේ ඊසානදිග මුහුදු තීරයේ හටගත් භූ කම්පනයෙන් පසු පළමු සුනාමි රළ එරට නැගෙනහිර වෙරළට ළඟා වී තිබෙනවා. ජපාන ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ පළමු සුනාමි රළ ඉවාට් ප්‍රාන්තයට ළඟා වන බවත්, එක් රළක් සෙන්ටිමීටර 40 ක් තරම් උසක් ගෙන ඇති බවයි. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය හදිසි ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අනාවැකි පළ කර ඇත්තේ දෙවනුව විශාල … ජපානයට පළමු සුනාමි රළ කඩා වදී –  දැවැන්ත සුනාමි රළකට සූදානම් වන ලෙසට අනතුරු ඇගවීමක්

ප්‍රබල භූ කම්පනයක් නිසා ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් – ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ

ජපානයේ ඊසානදිග මුහුදු තීරයේ රික්ටර් මාපකයේ ඒකක 7යි දශම4 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් එරට උතුරු සහ ඊසානදිග මුහුදු තීරයට මේ වන විට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම භූ කම්පනයේ කේන්ද්‍රය ජපානයේ ඉවාටේ ප්‍රාන්තයට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයේ, කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරින් සටහන් … ප්‍රබල භූ කම්පනයක් නිසා ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් – ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු ඇමති පියසේන ගමගේට අධිකරණයෙන් ඇප

දූෂණ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකාර … අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු ඇමති පියසේන ගමගේට අධිකරණයෙන් ඇප

‘ආලෝක’ ගැන රටම කතා කරද්දී කළාවැවේ වූ ඛේදවාචකය

කලාවැව, විජිතපුර දෙවන පටුමගේ පිහිටි නිවෙස් කිහිපයක ඇති දැඩි කළ සුනඛයින් දස දෙනෙකුට කිසියම් පුද්ගලයෙකු විසින් වස ලබා දී ඝාතනය කර ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. ඒ, සම්බන්ධයෙන් තමන් පොලීිසියට පැමිණිලි කළ බවයි එම ප්‍රදේශවාසීන් පැවසුවේ.

රිමාන්ඩ් කර සිටි RMV ලොක්කාට ඇප

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා ඇප මහතා ඇප මත මුදාහරින ලෙස පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ අනුව සැකකරු රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 2 බැගින් වු ශරීර ඇප 02ක් මත මුදා හරින ලෙසයි පිලැස්ස මහේස්ත්‍රාත් ඩබ්ලිව්. එම්. එම්. අයි. වාසල මහත්මිය නියෝග කළේ. … රිමාන්ඩ් කර සිටි RMV ලොක්කාට ඇප

බොරතෙල් මිල යළි ඉහළ ගිය හේතුව

ඉරානය සහ අමෙරිකාව අතර සාම සාකච්ඡා පැවැත්වීම අවිනිෂ්චිත තත්ත්වයක පැවතීම හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් සියයට 6.5කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල අමෙරිකානු ඩොලර් 96.25ක් ලෙස සටහන් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක නව මිල අමෙරිකානු ඩොලර් 90.15ක් … බොරතෙල් මිල යළි ඉහළ ගිය හේතුව

ඉන්දීය උප ජනපති නුවරඑළියට

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත ඉන්දියානු උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අද පෙරවරුවේ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් එරට උප ජනාධිපතිවරයා රාගල සිංහල විද්‍යාලයේ ක්‍රීඩාංගණයට පැමිණි තිබෙනවා. ඉන් අනතුරුව ඉන්දීය සම්භවයක් සහිත වතු දෙමළ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ වැඩකටයුතු නිරීක්ෂණය කිරීමට ද එක් වුණා. … ඉන්දීය උප ජනපති නුවරඑළියට