Nishan Neth News

ජනපතිගේ විදෙස් සංචාරයක් අවලංගු වීම ගැන තායිවානය චීනයට දොස් කියයි

තායිවාන ජනාධිපති ලායි චිං-ටේ විසින් සැලසුම් කර තිබූ එස්වාටිනි රාජ්‍ය සංචාරය අවලංගු කර තිබේ. ඒ, ඔහුගේ ගුවන් යානයට ලබාදී තිබූ ගුවන් ගමන් බලපත්‍ර අවලංගු කරන ලෙස චීනය විසින් අප්‍රිකානු රටවල් තුනකට බලපෑම් කර ඇති බවට එරට රජය චෝදනා කිරීමෙන් පසුවය. ලබන බදාදා ආරම්භ වීමට නියමිතව තිබූ මෙම සංචාරයේ අරමුණ වූයේ, දකුණු අප්‍රිකානු රාජ්‍යයක් වන එස්වාටිනි … ජනපතිගේ විදෙස් සංචාරයක් අවලංගු වීම ගැන තායිවානය චීනයට දොස් කියයි

ඉන්දු – බ්‍රිතාන්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන් අතර හමුවක්

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් අනිල් චෞහාන්, බ්‍රිතාන්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශ්‍රීමත් රිචඩ් නයිටන්ගේ ආරාධනයකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට පැමිණ තිබේ. මෙය දෙරට අතර පවතින ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් වීම විදහා දක්වන්නකි. නවදිල්ලියේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, පුහුණු කටයුතු, මෙහෙයුම් සම්බන්ධීකරණය සහ ආරක්ෂක කර්මාන්ත හවුල්කාරිත්වයන්හි සහයෝගීතාවය ඉහළ නැංවීම පිළිබඳව … ඉන්දු – බ්‍රිතාන්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන් අතර හමුවක්

ත්‍රීරෝද රථ සොරකම් කළ සැකකරුවෙකු හෝමාගමදී අත්අඩංගුවට

ත්‍රීරෝද රථ කිහිපයක් සොරකම් කළ සැකකරුවෙකු හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. ඒ, එම සැකකරු පිළිබද පොලීසියට ලද තොරතුරක් මතයි. ඒ අනුව ඔහු ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදි හෝමාගම, කටුවාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 830ක් ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. සැකකරු නිකවැරටිය, … ත්‍රීරෝද රථ සොරකම් කළ සැකකරුවෙකු හෝමාගමදී අත්අඩංගුවට

BOC, NSB සහ මහජන බැංකුවට බිලියන 245 ක වාර්තාගත ලාභයක්

ශ්‍රි ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකු ත්‍රිත්වයම ඉතිහාසයේ සිය ඉහළම ලාභාංශ වාර්තා කර තිබෙනවා. ඒ 2025 වර්ෂයේදීයි. මීට අදාල වාර්ෂික වාර්තා එම බැංකු ප්‍රධානීන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඊයේ පිළිගන්වනු ලැබුවා. 2025දී ලංකා බැංකුව බදු පෙර ලාභය රුපියල් බිලියන 120යි දශම 8ක්. එය ලංකා බැංකුවේ වසර 87ක ඉතිහාසයේ වැඩිම ලාභය ද වනවා. මහජන … BOC, NSB සහ මහජන බැංකුවට බිලියන 245 ක වාර්තාගත ලාභයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන නොමග යවන පාර්ශව ගැන දැඩි විමසිල්ලෙන් – කතෝලික සභාව කියයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙන විමර්ශන නිවැරදිව ඉදිරියට ගෙනයාමට නිලධාරීන් උත්සාහ කළද එම විමර්ශන නොමඟ යැවීමට සහ විමර්ශන නවතාලීමට විවිධ බාහිර පාර්ශව උත්සාහ කරමින් සිටින බව ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් පවසනවා. එලෙස කටයුතු කරන පාර්ශව සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් බලා සිටින බවයි පියතුමන් පැවසුවේ.

බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වුණේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි … බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

ජයසූරියගේ වාර්තාවක් සම කළ වර්මාගෙන් IPL පිටියේ පෙරළියක්

වසර 18ක් පුරා ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය සතුව තිබූ වාර්තාවක් සම කිරීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ තිලක් වර්මා ඊයේ සමත් වුණා. ඒ, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ පැවැති තරගයේදී පන්දු 45කින් වේගවත් ශතකයක් වාර්තා කරමින්. මුම්බායි ඉනිමේ මුල් භාගයේදී පන්දු 22කදී ලකුණු 19ක් ලබා ගනිමින් මන්දගාමීව ක්‍රීඩා කළ වර්මා, ප්‍රේක්ෂකයින්ගේ පවා අප්‍රසාදයට ලක්ව සිටියා. කෙසේ … ජයසූරියගේ වාර්තාවක් සම කළ වර්මාගෙන් IPL පිටියේ පෙරළියක්

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 7යි – යුක්තිය ඉල්ලා මීගමුවේ සිට කටුවාපිටියට පාගමනක්

2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අද දිනට වසර හතක් සම්පූර්ණ වනවා. එම මිලේච්ඡ ප්‍රහාරයෙන් ජීවිත 275 කට ආසන්න සංඛ්‍යාවක් අහිමි වුණා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසර 07ක් සපිරෙන අද දිනයේ දිවයින පුරා සෑම කතෝලික දේවස්ථානයකම සිහිකිරීමේ වැඩසටහන් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. පෙරවරු 8:45 ට ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් සිහි කරමින් සියලු … පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 7යි – යුක්තිය ඉල්ලා මීගමුවේ සිට කටුවාපිටියට පාගමනක්

ඉන්දියාව සහ ජර්මනිය ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගනී

ඉන්දියාව සහ ජර්මනිය අතර උපායමාර්ගික සබඳතා සහ ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මියුනිච් නුවරට පැමිණියේය. මෙම සංචාරය ගෝලීය ආරක්ෂක ක්ෂේත්‍රය තුළ ඉන්දු-ජර්මානු හවුල්කාරිත්වයේ වර්ධනය වන වැදගත්කම මනාව පෙන්නුම් කරයි. X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඉන්දිය ආරක්ෂක අමාත්‍යාංශය මෙම පැමිණීම තහවුරු කළ අතර, එහි සඳහන් … ඉන්දියාව සහ ජර්මනිය ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගනී