Nishan Neth News

හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් ඉවතට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් නියෝග මත රඳවාගෙන සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුගේ ඇප ඉල්ලීම් කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඊට අමතරව තවත් විත්තිකරුවන් දෙදෙනෙකු නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරු විසින් කරන ලැබූ ඉල්ලීමද කොළඹ මහාධිකරණය විනිසුරු … හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් ඉවතට

රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 112 දෙනෙකු දිවයිනට රැගෙන ඒමට කඩිනම් පියවර

රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 112 දෙනෙකු රටවල් 13ක සැඟව සිටින බවට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසනවා. එම සැකකරුවන් සහ සැකකාරියන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගනිමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ. ”රටම එකට” ජාතික මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් … රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 112 දෙනෙකු දිවයිනට රැගෙන ඒමට කඩිනම් පියවර

මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පුද්ගලයකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් ග්‍රෑම් 24 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා විසිනුයි එම මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ. 2022 වසරේ කොළඹ, මෝදර ප්‍රදේශයේ පොලිසිය විසින් සිදුකළ වැටලීමේදී මෙම විත්තිකරු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් … මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පුද්ගලයකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෝමාගම තරුණයාගේ මරණයට අත්අඩංගුවට ගත් අපරාධ අංශයේ ස්ථානාධිපති අද අධිකරණයට – හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකගේත් වැඩ තහනම්

හෝමාගම පොලිස් භාරයේ සිටියදී තරුණයෙකු මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හෝමාගම මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරෙනවා. බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ දිනයේ එම නිලධාරියා අත්අඩංගුවට ගනු ලැබුවා. එම නිලධාරියා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ ඊට පෙර තහනම් කර තිබුණා. එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාගේද … හෝමාගම තරුණයාගේ මරණයට අත්අඩංගුවට ගත් අපරාධ අංශයේ ස්ථානාධිපති අද අධිකරණයට – හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකගේත් වැඩ තහනම්

පොලිස් ආරක්‍ෂාවේ සිටි කොබෙයිගනේ පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට – කලින් අත්අඩංගුවට ගත් සහෝදරයන් දෙදෙනා ඇතුළු සිව් දෙනා රිමාන්ඩ්

නිකවැරටිය රෝහලේ පොලිස් ආරක්‍ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්වීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අද දිනයේ නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කරන බවයි කොබෙයිගනේ පොලීසිය පැවසුවේ. බැද්දේගම ප්‍රදේශයේදී සොරකම් කිහිපයකට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු ගම්වාසීන් විසින් අල්ලා ගස් බැද පසුව පොලිස් නිලධාරීන් වෙත භාරදී තිබෙනවා. ඒ අනුව පොලිස් භාරයේ පසුවූ එම පුද්ගලයා … පොලිස් ආරක්‍ෂාවේ සිටි කොබෙයිගනේ පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට – කලින් අත්අඩංගුවට ගත් සහෝදරයන් දෙදෙනා ඇතුළු සිව් දෙනා රිමාන්ඩ්

රාත්‍රී තැපැල් දුම්රියකට ගල් ප්‍රහාරයක්

ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අග්බෝපුර හා ගල්ඔය හන්දිය දුම්රිය ස්ථාන දෙක අතරේදි ඊයේ රාත්‍රියේ එලෙස ගල් ප්‍රහාරය එල්ල වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. එම ගල් ප්‍රහාරයෙන් පළමු පංතියේ මැදිරියක වැසිකිලි ජනේල වීදුරුවකට හානි සිදුව තිබෙනවා. කෙසේවෙතත් කිසිදු මගියෙකුට අනතුරක් සිදුව නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් … රාත්‍රී තැපැල් දුම්රියකට ගල් ප්‍රහාරයක්

සොයිසාපුර අවන්හලක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට

සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් රැගෙන ආ මෝටර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගල්කිස්ස කොට්ඨාස අපරාධ කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ලුනාව දුම්රිය පොල ස්ථානය අසල සිදුකළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සන්තකයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6ක් ද සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ. පසුගිය 20 වනදා … සොයිසාපුර අවන්හලක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට

කටුනායක STF වැටලීමක්

කටුනායක, දුම්රියපොල පාරේ නිවසක සිදුකළ වැටලීමකදී තීරුබදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් හමුදාවෙන් ලද තොරතුරක් මත එම වැටලීම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක්. එහිදී විවිධ වර්ගයේ විදේශීය මත්පැන් බෝතල් 156ක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. … කටුනායක STF වැටලීමක්

ජලාශ 38ක් තවමත් වාන් දමයි

ප්‍රධාන ගංඟා කිහිපයක ඇතැම් පහත් බිම් තවමත් සුළු ගංවතුර තත්ත්වයේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ජලාශ 38කට ආසන්න ප්‍රමාණයක් තවදුරටත් වාන් දමන බවයි එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එල් එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ. “අකුරැස්ස සහ පහළ ප්‍රදේශ වන විශේෂයෙන්ම තල්ගහගොඩ සහ මාතරට ආසන්න ප්‍රදේශවල තවමත් සුළු ගංවතුර තත්ත්වයක් පවතිනවා. … ජලාශ 38ක් තවමත් වාන් දමයි