Nishan Neth News

මාලදිවයින ඇතුළු රටවල් කිහිපයකට දේශීය ඖෂධ අපනයනය කිරීමට සෞඛ්‍යා අමාත්‍යාංශයෙන් නව සැලසුමක්

ඉදිරි දශකය තුළ දේශීය ඖෂධ නිෂ්පාදනය වේගවත් කරමින්, ඖෂධ ආනයනය සඳහා විදේශයන්ට ඇදී යන ඩොලර් ප්‍රමාණය අවම කරගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. එමෙන්ම දේශීය ඖෂධ සඳහා විදේශීය වෙළෙඳපොළ සොයා ගැනීමේ අරමුණින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා මාලදිවයින වැනි රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී අප්‍රිකානු සහ ලතින් … මාලදිවයින ඇතුළු රටවල් කිහිපයකට දේශීය ඖෂධ අපනයනය කිරීමට සෞඛ්‍යා අමාත්‍යාංශයෙන් නව සැලසුමක්

පාසල් පද්ධතියේ දැඩි ගුරු හිඟයක් – ගුරු සංගමයක චෝදනාවලට අගමැතිනියගෙන් ප්‍රතිචාර

පාසල් පද්ධතිය තුළ බරපතළ ගුරු හිඟයක් මතුව ඇතැයි ලංකා ගුරු සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට පළ කළ ගැසට් නිවේදනයේ විධිමත් භාවයක් නොමැති වීම හේතුවෙන් මේ වන විට බඳවා ගැනීම් අර්බුදයක් දක්වා පැමිණ ඇති බවයි. “පාසල් පද්ධතියේ බරපතල ගුරු හිඟයක් තියෙනවා. අවුරුද්ද මුලදීම අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ඇමතිවරිය … පාසල් පද්ධතියේ දැඩි ගුරු හිඟයක් – ගුරු සංගමයක චෝදනාවලට අගමැතිනියගෙන් ප්‍රතිචාර

පූජා භූමි සංවර්ධනය මුවාවෙන් අනුරපුර බෞද්ධ උරුමයට කරන්න යන හානිය ගැන තවත් අනාවරණයක් – බිලි පූජාත් දෙන රාමා කෝවිලකුත් හදන්න යනවලු

අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම යටතේ එහි බෞද්ධ උරුමයට හානි සිදුවන බවටත් ඉන්දීය උවමනාවන් ඉටු කරමින් එහි රාමා කෝවිලක් සංවර්ධනය කිරීමේ සූදානමක් ඇති බවටත් තවදුරට චෝදනා ඉදිරිපත් වනවා. දැනටමත් ගැසට් කර තිබෙන අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්මෙන් ද මේ සඳහා පහසුකම් සපයා තිබෙන බවයි දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ. Neth News … පූජා භූමි සංවර්ධනය මුවාවෙන් අනුරපුර බෞද්ධ උරුමයට කරන්න යන හානිය ගැන තවත් අනාවරණයක් – බිලි පූජාත් දෙන රාමා කෝවිලකුත් හදන්න යනවලු

බදු නොගෙවන පිරිස බදු ජාලයට කොටු කරගන්න මුදල් අමාත්‍යාංශය තවදුරටත් දැල එළයි

රට තුළ පවතින බදු බර මෙන්ම වැට් බදුවල ඇති නුසුදුසුභාවය පිළිබඳ රජයට මනා අවබෝධයක් පවතින බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා. අද වන විට බදු ගෙවන පිරිසට වඩා බදු නොගෙවන පිරිස වැඩි බවත්, ඒ සඳහා මුදල් අමාත්‍යාංශය මගින් දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා. “බදු වල … බදු නොගෙවන පිරිස බදු ජාලයට කොටු කරගන්න මුදල් අමාත්‍යාංශය තවදුරටත් දැල එළයි

ලිට්‍රෝ ගෑස් හිඟය හෙටින් අවසන් – අදත් සිලින්ඩර 90,000ක් වෙළඳපොළට

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩර 90,000 ක් අද දිනයේදී ද බෙදා හැරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ඊයේ දිනයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳපොළට නිකුත් කළ බවයි ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ. එමෙන්ම මෙට්‍රික් ටොන් 3,9000 ක ගෑස් තොගයක් රැගත් තවත් නෞකාවක් ඊයේ දිනයේදී මෙරටට පැමිණියා. පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ ගණනාවක වෙළඳපළ තුළ ගෑස් හිඟයක් … ලිට්‍රෝ ගෑස් හිඟය හෙටින් අවසන් – අදත් සිලින්ඩර 90,000ක් වෙළඳපොළට

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් පස්වරු එකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පැවසුවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික … කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

විහාරමහා දේවී උද්‍යානයේ සත්‍යග්‍රහය තවදුරටත් – සඟරුවන දැඩි තීරණයක

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කළ සත්‍යග්‍රහය අද සිව්වන දිනටත් පැවැත්වෙනවා. පසුගිය 16 වනදා පස්වරුවේ විහාර මහා දේවි උද්‍යානයට වැඩම කළ ස්වාමින් වහන්සේලා මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ අතර එදින එහි අට්ටාලයක් ඉදි කිරීමට යාමේදී පොලිසිය සමග උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. කෙසේවෙතත් අඛණ්ඩව සත්‍යග්‍රහයේ නිරතව … විහාරමහා දේවී උද්‍යානයේ සත්‍යග්‍රහය තවදුරටත් – සඟරුවන දැඩි තීරණයක

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ජය පකිස්තානයට

එංගලන්තය, ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවැත්වෙන තුන්කොන් එක්දින  ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට පකිස්තානය ඊයේ රාත්‍රි සමත් වුණා. ඒ, ශ්‍ර්‍රි ලංකා කණ්ඩායම සමග පැවති තරඟය ලකුණු 37කින් ජය ගනිමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 305ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා … තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ජය පකිස්තානයට

ප්‍රංශයේ දැවැන්ත විරෝධතා තවත් ඇවිළෙයි – ජනපති මැක්‍රෝන්ගෙන් රට හමුවේ විශේෂ ප්‍රකාශයක්

  ඉන්ධන මිල ඉහළ යාම, ජීවන වියදම සහ මහජන සේවාවන් කඩා වැටීමට එරෙහිව ප්‍රංශයේ හටගත් දැවැන්ත විරෝධතා ව්‍යාපාරය හමුවේ රට පුරා දැඩි ප්‍රචණ්ඩකාරී සිදුවීම් වාර්තා වනවා. ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ලක්ෂ 5 හමාරකට ආසන්න පිරිසක් වීදි බැස ආරම්භ කළ මෙම විරෝධතා පසුව පාලනය කරගත නොහැකි ලෙස ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට පත් වූ බවයි. එහිදී ප්‍රචණ්ඩ … ප්‍රංශයේ දැවැන්ත විරෝධතා තවත් ඇවිළෙයි – ජනපති මැක්‍රෝන්ගෙන් රට හමුවේ විශේෂ ප්‍රකාශයක්