Wednesday, May 14, 2025

General line - 0115112241

ඩුබායි රාජ්‍යයට පළා ගිය අපරාධකරුවන් දෙදෙනෙකු  මෙරටට රැගෙන එයි



ඩුබායි රාජ්‍යයයට පලා ගොස් සිටි සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් තිබෙනවා.

එලෙස දිවයිනට රැගෙන විත් ඇත්තේ සමන්තද සිල්වා නොහොත් බබී නමැති කොහුවල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු සහ දිමුතු චතුරංග නොහොත් චතූ නමැති මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බවයි වාර්තා වුණේ.

මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාටම චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ බව පොලීසිය පැවසුවා.