Tuesday, May 13, 2025

General line - 0115112241

බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට නම් පක්ෂ පාට භේදයෙන් තොරව, කයිවාරුවෙන් තොරව ක්‍රියාවෙන් වැඩ පෙන්විය යුතු යි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස



බංකොලොත් රට බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට සැවොම අත්වැල් බැද ගත යුතු බවත් එහි දී රාජ්‍ය පාර්ශ්වයට මෙන්ම විරුද්ධ පාර්ශ්වයටත් සිවිල් සමාජයටත් වගකීමක් ඇති බවත් තමන්ට අදාළ වගකීම හරියට ඉටු කිරීමෙන් වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ආ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2028 අප රටට තීරණාත්මක වසරක් බවත් 2028 සිට ණය ගෙවන්න සිදුවන බවත් අයි.එම්.එෆ්. එක 2033 ණය ගෙවන්න ප්‍රමාණවත් යැයි පැවසුවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය එය 2028 දක්වා අඩු කර ගිවිසුම් ගත වී ඇති බවත් මේ නිසා 2028 වන විට ණය ගෙවීමට නම් ඉහළ මට්ටමක ආර්ථික වර්ධනයක් අවශ්‍ය බවත් එය 5%ක වර්ධනයක් විය යුතු බවත් විශේෂඥයන් පවසන බවත් ඊට අමතරව රාජ්‍ය ආදායම වැඩි කර අපනයනය ප්‍රවර්ධනය කර විදේශ සංචිත වර්ධනය කළ යුතු බවත් මේවා කළ නොහැකි වුවහොත් නැවත වරක් අප රට ආර්ථික සමාජීය දේශපාලනික ඛේදවාචකයක් කරා යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පැවසීය.

මාතර ඌරාපොළ ශ්‍රී රතනජෝති පිරිවෙන් විද්‍යායතනයට වසර 75ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන අධ්‍යාපනික සහ සංස්කෘතික ප්‍රදර්ශනය සඳහා අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියා.