නාරාහේන්පිට පොලිස් වසමේදී තුසිත හල්ලොලුව නැමති අය හා තවත් පුද්ගලයෙකු ගමන් කරමින් සිටි ජීප් රථයකට සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ දිසා අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින්. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පසුගිය 17 වනදා එම වෙඩි තැබීම සිදුකර තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.