Friday, May 30, 2025

General line - 0115112241

දකුණු මුහුදේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගය කිලෝ 450ක් - ධීවරයින් 11ක් සමඟ යාත්‍රා දෙක ගොඩබිමට



දික්ඕවිට වරාය වෙත රැගෙන ආ ධීවර යාත්‍රා දෙකෙහි මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 600කට අධික ප්‍රමාණයක් ඇති බවට නාවික හමුදාව සැක පළ කරනවා. 

තවදුරටත් එම ධීවර යාත්‍රා දෙකෙහි තිබෙන අයිස් සහ හෙරොයින් ප්‍රමාණය ගණනය කිරීම තවදුරටත් සිදු කෙරෙන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු බුද්ධික සම්පත් මහතා පැවසුවේ. 

එම ගණනය කිරීම් සිදු කරනු ලබන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් විසින්. 

එම වරාය පරිශ්‍රය අවට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනාගෙන් එම ස්ථානයේ සිටම තවදුරටත් ප්‍රකාශ ලබා ගනිමින් සිටිනවා. 

මෙම මත්ද්‍රව්‍ය තොගය රැගත් ධීවර යාත්‍රා දෙක අත්අඩංගුවට ගෙන ඇත්තේ  ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ දකුණු ගැඹුරු මුහුදේදීයි. 

ඒ සඳහා සිදුකල ඒකාබද්ධ මෙහෙයුම සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු බුද්ධික සම්පත් මහතා නෙත් නිවුස් වෙත පැහැදිළි කළේ මෙලෙසයි.


එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ යන මහත්වරුන් අදාළ ස්ථානයට පැමිණ තිබෙනවා.