පාසල් පද්ධතිය තුළ දරුවන්ගේ ආරක්ෂාව සඳහා මීට වඩා දැඩි පියවර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ පාසල් තුළදී මෙන්ම අන් සෑම ස්ථානයකදීම පාහේ දරුවන් හිංසනයට ලක්වන තත්ත්වයක් දැකගත හැකි බවයි.
හිංසනයකට ලක්වන අවස්ථාවකදී අන් සියලු තත්ත්වයන්ට වඩා දරුවා ප්‍රමුඛකොට සලකා කටයුතු කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.
කොළඹ දිස්ත්‍රික් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම අදහස් පළ කළා.