නාරාහේන්පිට පොලිස් වසමේදී තුසිත හල්ලොලුව නැමති අය හා තවත් පුද්ගලයෙකු ගමන් කරමින් සිටි ජීප් රථයකට සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ දිසා අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින්. වත්තල හා කිරුළපන ප්‍රදේශවලදී එම වෙඩි තැබීමට පැමිණි යතුරු පැදියේ පැදිකරු හා එම අපරාධයට අධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ජංගම දුරකථන 04ක් ද සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 32 හා 40 වයස්වල පසුවන වත්තල හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පසුගිය 17 වනදා එම වෙඩි තැබීම සිදුකර තිබුණා. සැකකරුවන් අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගියදා සිදු වූ එම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනෙකු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් දා නියම කළා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක්ද සිටි අතර ඔවුන් එම සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.