Friday, May 30, 2025

General line - 0115112241

දකුණු මුහුදට කුඩු කිලෝ 600ක් ගෙනාවේ කවුද?



දික්ඕවිට වරාය වෙත රැගෙන ආ ධීවර යාත්‍රා දෙකෙහි මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 780කට ආසන්න ප්‍රමාණයක් ඇති බව නාවික හමුදාව පවසනවා. 

නාවික හමුදාව සදහන් කළේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 275ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 503ක් එහි පවතින බවයි.

මෙවැනි ජාවාරම්වල නිරත වන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවා. 

ඒ, එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීම සඳහා අද පැමිණි අවස්ථාවේදීයි.


දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා අද පෙරවරුවේ දික්ඕවිට ධීවර වරායට රැගෙන ආවා. 

අදාළ ධීවර යාත්‍රා දෙක නාවික හමුදා භාරයට ගැණුනේ දකුණු මුහුදේදී ඊයේ සිදුකළ මෙහෙයුමකදීයි.