Friday, April 26, 2024

General line - 0115112241

කටුනායකදී චීන ජාතිකයින් විශේෂ පරික්ෂාවකට




චීනයේ සිට පැමිණෙන ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපලේදී විශේෂ පරීක්ෂණයකට ලක් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සකස් කර ඇති බව සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව චීනයේ සිට පැමිණෙන ගුවන් මගින් ගුවන් තොටුපල පර්යන්තයේ විශේෂිත මාර්ගයකින් ඔවුන් රැගෙනවිත් වෛද්‍ය පරීක්ෂණ කිරීමේ කටයුතු මේ වන විට සකස් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ.

ඊට අමතරව කටුනායක ගුවන් තොටුපලේ රාජකාරිවල නිරතව සිටින සේවක සේවිකාවන්ට ආරක්‍ෂිත මුඛ ආවරණ පැළදීමටද සෞඛ්‍ය අංශ අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.