Sunday, April 28, 2024

General line - 0115112241

බදුබර අඩුකර ගත හැකි හැටි මහබැංකු අධිපති පෙන්වා දෙයි




බදු බර අඩු කර ගැනීමට නම් ජනතාව කළයුත්තේ බදු ගෙවීම් පැහැර හරින පුද්ගලයන් ඒ සදහා දිරිමත් කිරීම සහ බදු පැහැර හරින්නන්ගේ තොරතුරු අදාළ අංශ වෙත ලබාදීම බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් සංවිධාන කළ “2024 සහ රටේ ආර්ථිකය” යන තේමාව යටතේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා.


මෙම වසර තුළ උද්ධමය සියයට 5 ක පවත්වාගෙන යාම මහබැංකුවේ ප්‍රධාන අරමුණක් වන බවද මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවා.


මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ද එක්ව සිටියා.

රටේ ආර්ථිකය යහපත් තත්ත්වයකට පත් කර ගැනීම සදහා සියළු තලයන්හි වෙනසක් අවශ්‍ය බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේ.