Tuesday, April 30, 2024

General line - 0115112241

NDB බැංකුවේ නව ළමා ඉතුරුම් ගිණුමක්




උසස් බැංකුකරණයේ පුරෝගාමියා වන NDB බැංකුව සිය නව ළමා ඉතුරුම් ගිණුම වන ප්‍රිවිලේජ් ජූනියර් ඉතුරුම් ගිණුම හඳුන්වනු ලබයි. 

වයස අවුරුදු 1 සිට 18 අතර ශ්‍රී ලාංකීය දරුවන් සඳහා කුඩා අවධියේ සිටම විධිමත් මූල්‍ය කළමනාකරණය හුරු කරවීමට NDB බැංකුවේ ඇති අනාගත පරම්පරාව පිළිබඳ කැපවීම තහවුරු කරයි.

ප්‍රිවිලේජ් ජූනියර් ඉතුරුම් ගිණුමේ දැක්ම පිළිබඳව පැහැදිලි කරමින් NDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී කැළුම් එදිරිසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ Privilege Junior ඉතුරුම් ගිණුම හරහා අනාගත නායකයන්ගේ මූල්‍ය ස්ථාවරත්වය තවත් තහවුරු කර ගනිමින් ඔවුන්ගේ අනාගතය තවත් සුරක්ෂිත කිරීම සහ සෞභාග්‍යමත් කිරීම සඳහා අඩිතාලමක් වන බවයි.

තැන්පතු සඳහා ඉහළ පොලී අනුපාතයන්, මාසික මුදල් තැන්පතු සඳහා බෝනස් පොලියක්, වයස අවුරුදු 13 සිට 18 දක්වා දරුවන් ම වෙන් වූ NEOS PIXEL ඩිජිටල් ඉතුරුම් ගිණුම සහ මොබයිල් බෑංකින් පහසුකමත් ඇතුළුව ප්‍රතිලාභ රාශියක් ගිණුම සමඟ හිමිවේ. 

මීට අමතරව ගිණුම් හිමියන් සඳහා විශේෂ ත්‍යාග යෝජනා ක්‍රමයක්, රෝහල්ගත වීමේදී රක්ෂණ ආවරණයක් සහ ක්‍රියාශීලී ලෙස සම්බන්ධ වෙමින් කටයුතු කිරීම සඳහාම සැකසුණු වැඩසටහන් සමඟ සම්බන්ධ වීම සඳහා ද අවස්ථාව හිමි වන අතර, වැඩි මූල්‍ය ස්වාධීනත්වය සඳහා ඩෙබිට් කාඩ්පතක් ලබා දීම වැනි විශේෂාංග ද මෙම ගිණුම සමඟ හිමිවේ.

මෙම ගිණුම මූල්‍ය ප්‍රතිලාභ වලට අමතරව, විශේෂ දක්ෂතා දිරිමත් කරමින්, ස්ථීර ඉතිරිකිරීම් ප්‍රවර්ධනය කරමින් සහ හදිසි අවස්ථා හෝ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා අවශ්‍ය අවස්ථාවලදී මුදල් ආපසු ගැනීම සඳහා ද ප්‍රමුඛත්වය දෙනු ලබනවා.

ඉන් නොනැවතී බැංකුවේ මොබයිල් බෑංකින් ඇප් එක වන භෑධී හරහා ඩිජිටල් බැංකුකරණය හසුරුවීමට සහ නවීන තාක්ෂණය හුරුකරවීමට ද NBD බැංකුව කැප වී සිටීන අතර  එපමණක් නොව දෙමාපියන් හට දරුවන්ගේ ගිණුම් වල ශේෂය පිරික්සීමට ද, ගනුදෙනු වල ප්‍රකාශ අධීක්ෂණය කිරීමට ද පහසුකම් සලසා ඇත.

Privilege Junior ඉතුරුම් ගිණුම පිළිබඳ වැඩිදුර විස්තර https://www.ndbbank.com/privilege-banking යන වෙබ් අඩවියෙන් හෝ 0117 448 018 යන දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැක.

 ඔබේ දරුවාට සෞභාග්‍යමත් සහ මූල්‍ය ස්ථාවරත්වයක් සහිත අනාගතයක් උදා කරදීම උදෙසා Privilege Junior Savings සමඟ සම්බන්ධ වීමට NDB බැංකුව ආරාධනා කරනවා. 

NBD බැංකුව ශ්‍රී ලංකාවේ සිවුවන විශාලතම ලැයිස්තු ගත පෞද්ගලික වාණිජ බැංකුව මෑතකදී පැවති Asian Banking & Finance Retail Banking Awards 2023 සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්, Asiamoney මඟින් 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB බැංකුව නම් කරන ලද අතර, LMD ශ්‍රී ලංකා ප්‍රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම් වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ ආයතනය ලෙසත් නම් කරන ලදී. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ Global Finance සහ Euromoney ආයතන මඟින් සංවිධානය කළ වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන් වලදී NDB බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත්‍රවි තිබෙනවා.  

මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place To Work විසින් NDB බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කරන ලදී.

NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොල  තුළ අද්විතීය සේවාවන් සපයන NDB සමූහය ප්‍රාග්ධන වෙළඳපොල ආශ්‍රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වනවා. 

ඩිජිටල් බැංකුකරණ විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටිනවා.