Sunday, April 28, 2024

General line - 0115112241

රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා අතර හමුවක්




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා හා නියෝජ්‍ය කළමණාකර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ,  ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීවයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් රාජධානියේ උත්තර සාමි මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රී විලියම් හේග් අතර හමුවක් ද සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දේශගුණික විපර්යාස පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ජෝන් කෙරී අතර ද හමුවක් සිදුව තිබෙනවා.

එම අවස්ථාවන්ට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ද එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.