Sunday, April 28, 2024

General line - 0115112241

ටික් ටොක් තහනම් යෝජනාවෙන් චීනය සහ අමෙරිකාව හැප්පෙයි




අමෙරිකාව පුරා ටික් ටොක් තහනම් කළ හැකි නව පනතක් සම්මත කර ගැනීමට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කටයුතු කිරීමේ සිද්ධිය චීනය දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.

චීන විදේශ අමාත්‍යාංශය පවසන්නේ ටික් ටොක් ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන බවට අමෙරිකාවට කිසිදු සාක්‍ෂියක් හමුවී නොමැති බවයි.

එවැනි පසුබිමක අමෙරිකාවේ මෙම උත්සාහය ටික් ටොක් මර්දනය කිරීම බව චීනය චෝදනා කරනවා.

ටික් ටොක් තහනම් කළ හොත් එහි ප්‍රතිවිපාක අමෙරිකාවටම විදීමට සිදුවනු ඇති බවටයි චීනය අනතුරු අගවා ඇත්තේ. 

අමෙරිකාව පුරා ටික් ටොක් තහනම් කළ හැකි නව පනතක් සම්මත කර ගැනීමට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කටයුතු කළද් එය නීතියක් බවට පත්ව නැහැ.

ඊට එරට සෙනට් සභාවේ හා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ අනුමැතිය හිමි විය යුතුයි. එසේවුවහොත් මෙම පනත හරහා  අමෙරිකානු බලධාරීන්ට ටික් ටොක් තහනම් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හිමි වනු ඇති.

අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කරන්නේ මාසා 6ක් ඇතුළත ටික්ටොක් කොටස් විකුණා දැමිය යුතු බවයි.

එසේ නොවුනහොත් අමෙරිකාව තුළ ටික්ටොක් තහනම් කරන බව ඔවුන් පවසනවා.