Sunday, April 28, 2024

General line - 0115112241

පිලිපීනය චීනයේ යෝජනාවක් ඉවත දමයි




මුහුදු සීමාව සම්බන්ධයෙන් සිදු කරන අනවශ්‍ය අතපෙවීම් හමුවේ චීනය අනිසි යෝජනා ද ඉදිරිපත් කරන බවට පිලිපීනය චෝදනා කරනවා.

පිලිපීනය මෙලෙස චීනයට දොස් පවරා සිටියේ මුහුදු සීමාව සම්බන්ධයෙන් සහ නාවික කටයුතු සම්බන්ධයෙන් දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති පසුබිමක් තුළයි.

එවන් පසුබිමක් තුළ මුහුදු සීමා සම්බන්ධයෙන් චීනයෙන් යෝජනා කිහිපයක්ම ඉදිරිපත් වී ඇතැයි පිලිපීනය පවසනවා.

පිලිපීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ චීනය ඉදිරිපත් කරන යෝජනා සිය රටේ ජාතික අවශ්‍යතාවලට පටහැනි බවයි.

එබැවින් චීනයේ එම යෝජනා සලකා බැලීමට හෝ සූදානම් නොමැති බවයි පිලිපීනය පැවසුවේ.

චීනය ඉදිරිපත් කර ඇති යෝජනා අතර මතභේදාත්මක දූපත් සම්බන්ධයෙන් චීනයේ පරිපාලනය පිළිගැනීම හෝ පිළිගැනීම සලකනු ලබන ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ වීම ද වන බව පිලිපීනයේ විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළා.

එවැනි යෝජනා හරහා ව්‍යවස්ථාව හා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වන බවයි එම අමාත්‍යංශය පෙන්වා දී ඇත්තේ.

එබැවින් චීනයේ යෝජනා කිසිසේත් පිළිගැනීමට නොහැකි බව පිලිපීනය විදේශ කටයුතු අමාත්‍යංශය තරයේ අවධාරණය කර තිබෙනවා.