Wednesday, May 1, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යයෙන් චීනයට චෝදනාවක්




බ්‍රිතාන්‍යයේ  මිලියන ගණනක ඡන්දදායකයන්ගේ පුද්ගලික තොරතුරු වෙත චීනය ප්‍රවේශ වී ඇති බවට චෝදනා එල්ල වනවා. 

විදෙස් මාධ්‍ය පවසන්නේ මෙය බ්‍රිතාන්‍යයේ  ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට එල්ල කරන ලද විශාල බලපෑමක් බවයි. 

ජන්ද හිමි නාමලේඛනයේ පිටපත් වෙත චීනය ප්‍රවේශ වී ඇති බවටයි පැවසෙන්නේ. 

සයිබර් ප්‍රහාරයට ලක් වන අවස්ථාවේදී 2014 සහ 2022 අතර ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වූ එක්සත් රාජධානියේ ඕනෑම අයෙකුගේ නම සහ ලිපිනය මෙන්ම විදේශීය ඡන්දදායකයින් ලෙස ලියාපදිංචි වූ අයගේ නම් සඳහන් ලිපිගොනු පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

කෙසේ වෙතත් එරට නියෝජ්‍ය අගමැති ඔලිවර් ඩව්ඩන් පාර්ලිමේන්තුවේදී පවසා ඇත්තේ මෙම සයිබර් ප්‍රහාරය පිටුපස චීන රජය සිටින බවයි.