Saturday, April 27, 2024

General line - 0115112241

සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් වාර්තාගත ලාභයක්




සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය පසුගිය 2023 වසරේදී වාර්තාකර තිබෙනවා.

ඒ අනුව, 2022 - 2023 වසර සඳහා සියයට 32ක ලාභ සීමාවක් වාර්තා කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය නව වාර්තාවක් පිහිටුවා තිබෙන අතර එය 2022 වසරේ එම ආයතනය ලැබූ ලාභ ප්‍රමාණය මෙන් දෙගුණයක්.

මේ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජනාධිපති අරමුදලට ලබාදුන් දායකත්වය පෙර වසරට සාපේක්ෂව සියයට 13ක ප්‍රතිශතයකින් ඉහළ දමමින් රුපියල් බිලියන 3යි දශම 6ක මුදලක් ජනාධිපති අරමුදලට පිරිනමා තිබෙනවා.

ඊට අදාළ චෙක්පත සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල විසින් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.