Thursday, May 2, 2024

General line - 0115112241

පකිස්තානය ගැන ලෝක බැංකුව රතු එළි දල්වයි




ලෝක බැංකුව සිය වාර්ෂික වාර්තාවක් මගින් පකිස්තානයේ ආර්ථිකය සම්බන්ධයෙන් දරුණු අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

එමගින් පවසන්නේ ආර්ථික අර්බුධයක ගිලී සිටින පකිස්තානය තුළ මිලියන 10 කට අධික ජනතාවක් දරිද්‍රතාවයට පත්වීමේ අවදානමක් පවතින බවයි.

ලෝක බැංකුව එලෙස පකිස්තානයේ ආර්ථිකය සම්බන්ධයෙන් අනතුරු අගවා සිටින්නේ රට  1.8%ක මන්දගාමී ආර්ථික වර්ධන වේගයකින් සහ 26% ක තවදුරටත් ඉහළ යා හැකි ඉහළ උද්ධමනය සමඟින් පොර බදිමින් සිටින පසුබිමක් තුළයි.

ඒ අනුව ලෝක බැංකුවේ අනතුරු ඇගවීම තුළ පකිස්තානයට සාර්ව ආර්ථික ඉලක්ක සියල්ලම පාහේ අතපසු වීමට නියමිත බව පෙන්නුම් කරන බවයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ.

ආසන්න වශයෙන් පකිස්තානු වැසියන් මිලියන 98ක් පමණ මේවනවිටත් රට තුළ දරිද්‍රතාවය හේතුවෙන් පීඩාවට පත්ව ඇතැයි ද ලෝක බැංකු වාර්තාව පවසනවා.

ජීවන වියදම අඛණ්ඩව ඉහළ යාම හා ප්‍රවාහන වියදම් ඉහළ යාම හමුවේ පකිස්තාන දරුවන් පාසල අතහැර යාමේ අවදානමක් ඇති බව ද වාර්තා වනවා.

එමෙන්ම එය පවුල් අභ්‍යන්තර අර්බුධ නිර්මාණය වීමට හා ජනතාව වෛද්‍ය ප්‍රතිකාර වලින් බැහැරවීමට ද හේතුවක් වනු ඇති බවයි පැවසෙන්නේ.