Thursday, May 2, 2024

General line - 0115112241

බංග්ලාදේශ අගමැතිනියගේ ඉන්දිය සංචාරයක් ගැන ඉඟියක්




බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ඉන්දීය ස‍ංචාරයක් සම්බන්ධයෙන් වාර්තා පල වනවා.

එම වාර්තා පෙන්වා දෙන්නේ ඉකුත් දා පැවැති මහ මැතිවරණයෙන් යළිත් බංග්ලාදේශයේ බලයට පත්වූ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සිය පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාවට පැමිණීමේ සූදානමක් ඇති බවයි.

එහෙත් ඊට අදාළ දින වකවානු මෙතෙක් නිල වශයෙන් වාර්තා වන්නේ නැහැ.

ඇතැම් ඉන්දීය මාධ්‍ය පැවසුවේ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය මෙම වසර අගදී ඉන්දියාවේ සංචාරය කරනු ඇති බවයි.

එහෙත් එළඹෙන ඉන්දීය මහ මැතිවරණයෙන් පසු බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය නවදිල්ලියට පැමිණීමට නියමිත බව ද වාර්තා වනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වාර්තා පළ වූයේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ඉන්දීය සංචාරය ජුනි මාසයේදී සිදුවනු ඇති බවට මාධ්‍ය වාර්තා පළ වීමත් සමගයි.

ඉන්දියාව සහ බංග්ලාදේශය සමීප මිතුරු රාජ්‍යයන් වන අතර ඔවුන් ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සමීප සබඳතා පවත්වනු ලබනවා.