Tuesday, April 30, 2024

General line - 0115112241

වස්කඩුව සුභූති විහාරයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේ දලෙයිලාමාතුමන් වෙත භාර දෙයි.




වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරයේ තැන්පත් කර තැබුණු සර්වඥ ධාතූන් වහන්සේ ඊයේ දිනයේදී දලෙයි ලමා තුමන් වෙත පිරිනැමීම සිදු කෙරුණි.

එලෙස පිරිනැමුණේ කපිලවස්තුපුර සර්වඥ ධාතූන් වහන්සේයි.

වස්කඩුව ශ්‍රී සුභූති මහා විහාරයේ සර්වඥ වහන්සේගේ ධාතු 21ක් තැන්පත් කර ඇත.

එම විහාරස්ථානය කපිලවස්තු ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමට බැතිමතුන්ට අවස්ථාව උදා කරන අතර ඉමහත් ඓතිහාසික හා අධ්‍යාත්මික වැදගත්කමක් දරයි.

වස්කඩුව ශ්‍රී සුභූති මහා විහාරස්ථානයේ මෙතෙක් පරම්පරා ගණනාවක් පුරා සංරක්ෂණය කර ආරක්‍ෂා වී ඇති මෙම අගනා කපිලවස්තු ධාතුන් වහන්සේගේ භාරකරු වන්නේ පූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ නායක ස්වාමීන් වහන්සේයි.

මීට පෙර මාර්තු මාසයේදී, බුදුරජාණන් වහන්සේගේ සහ සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ද තායිලන්තයේ නගර හතරක් පුරා දින 25 ක කාලයක් වන්දනාකරුවන්ගේ වන්දනාමාන කටයුතු වෙනුවෙන් භාර දී තිබුණි.