Saturday, May 18, 2024

General line - 0115112241

වාහන ගෙන්වන්න තරම් රට සූදානම්ද?




වාහන ආනයනය කිරීමට රජය තීරණය කළහොත් යම් නියාමන ක්‍රමවේදයක් සකස් කළයුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි  සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පැවසුවේ භාවිත කරන ලද වාහන ආනයනය කිරීමට රජයෙන් ඉල්ලීමක් සිදුකළ බවයි. 


මුදල් නාස්තිය අවම කිරීම සඳහා රටට උචිත වාහන ආනයනය කිරීමට නිසි වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසුවා. 


මේ අතර පෞද්ගලිකව භාවිත කරන වාහන ආනයන සීමා ඉවත් කිරීම සලකා බැලීමට අවශ්‍ය සාකච්ඡා ආරම්භ කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පසුගියදා ප්‍රකාශ කළා.