Friday, May 17, 2024

General line - 0115112241

ගාසා තීරයේ යුද්ධය ගැන ඊශ්‍රාලයෙන් අසාමාන්‍ය තීරණයක්




මාස ගණනාවක් පුරා දිග්ගැස්සෙමින් පවතින ගාසා තීරයේ යුද්ධය තාවකාලිකව නතර කිරීම සම්බන්ධයෙන් මේවන විට සුභවාදී තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා.

ඒ, දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟයි.

එම කාලය ප්‍රකාශයට පත්වන්නේ ප්‍රාණ ඇපකරුවන් නිදහස්කර ගැනීම සඳහායි.

එමෙන්ම අවතැන් වූ පවුල්වලට උතුරු ගාසා තීරයට ආපසු යාමටද මෙමඟින් අවස්ථාව උදාවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දේශපාලන විචාරකයින් පවසන්නේ ඊශ්‍රායලයේ මෙම තීරණය “අසාමාන්‍ය ත්‍යාගශීලී” තත්ත්වයක් බවයි.

දකුණු දිග ඊශ්‍රායලයට, හමාස් සටන්කාමින් පළමු ප්‍රහාරය එල්ල කළේ ඉකුත් වසරේ ඔක්තෝම්බර් 07 වනදායි.

එහිදී පුද්ගලයින් 1,200ක් මියගියා. පසුව ඊශ්‍රායල් ප්‍රහාරවලින් මේ දක්වා මියගොස් ඇති සංඛ්‍යාව 34,480ක්. 

ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී ද සතියක සටන් විරාමයක් ක්‍රියාත්මක වුණා.

එහිදී හමාස් සටන්කාමීන්, ප්‍රාණ ඇපකරුවන් 105 දෙනෙකු හා ඊශ්‍රායලය, පලස්තීන සිරකරුවන් 240 දෙනෙකුද නිදහස් කළා.