Tuesday, April 30, 2024

General line - 0115112241

 අවුරුද්දේ ආහාරයට ගත් කැවිලි නිසා දැන් ඔබට වෙන දේ.




ඉදිරි කාලසීමාව තුළ ආහාර පාන සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාව රසකැවිලි ඇතුළු විවිධ ආහාර වර්ග වැඩි වශයෙන් පරිභෝජනය කරන බැවින් රුධිරයේ සීනි මට්ටම සහ මේදය ඉහළ යා හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව අනවශ්‍ය පරිදි රුධිරයට සීනි එක් වීම වැළකෙන ආකාරයේ ආහාර රටාවක් අනුගමනය කිරීම වඩා වැදගත් වන බවයි පෝෂණ වෛද්‍ය, විශේෂඥ ජානක මාරසිංහ පැවසුවේ.  


ඉදිරි කාල සීමාවේදී ආහාර පාලනය තුළින් ශරීරය යථා තත්ත්වයට පත් කර ගැනීමටද හැකි බවයි පෝෂණ වෛද්‍ය, විශේෂඥ ජානක මාරසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නේ.