Friday, May 17, 2024

General line - 0115112241

යහපාලන සමයේ පැවරූ මූල්‍ය වංචා නඩුවකින් මහින්දානන්ද නිදොස් කොට නිදහස්




අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද නිදොස් කොට නිදහස් කෙරුණා.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් ලබාදුන් තීන්දුවකට අනුවයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

මේ අතර මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන නියෝගය ප්‍රකාශ කිරීම මැයි මස 07 වන දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

එම නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව තිබුණේ.

එහෙත් එය ප්‍රකාශ කිරීම මැයි මස 07 වන දා දක්වා කල් තබන බව අභියාචනාධිකරණ විනිසුරු ඩී එන් සමරකෝන් අද නිවේදනය කළා.