Wednesday, May 1, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව බලා සිටි IMF ණය අවදානමක




ශ්‍රී ලංකාව විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හෙවත් ISB ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වීම ශ්‍රී ලංකාවට අවාසිදායක බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ සඳහන් කළේ මේ හරහා අයි එම් එෆ් ණය සහනය ලබා ගැනීමේදී ද රටට අතිරේක පීඩනයක් එල්ල වන බවයි.


පසුගිය සති තුන පුරා ශ්‍රී ලංකා රජය සහ බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම අතර පැවති මෙම සාකච්ඡාව අසාර්ථක වූයේ ඇයි?  


ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සාකච්ඡා කෙරෙන බැඳුම්කරවලින් සියයට 50කට වඩා මෙම කණ්ඩායමට අයත් වනවා.

එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 12කට අධිකයි.

කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශය පැවසුවේ දෙපාර්ශවයටම යළි එකඟතාවක් ඇති කර ගැනීම සඳහා ඉදිරි සති කිහිපය තුළ දී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.