Wednesday, May 1, 2024

General line - 0115112241

පැළ සිටුවීමේ නැකැත අද




මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව පැළ සිටුවීමේ නැකැත අදට යෙදී තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 10යි 16ට රන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී පැළ සිටුවීම මැනවි යනුවෙන් නැකැත් පත්‍රයේ සඳහන්.

නැකැත් සීට්ටුවට පැළ සිටුවීමේ නැකැතක් කුමටද? මේ, ජනශ්‍රැති පර්යේෂක, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත. 


මේ අතර පුවක් පැළ ලක්ෂ 15 ක් රට පුරා රෝපණය කිරීමේ වැඩසටහන ජාතික රුක් රෝපණ නැකතට සමගාමීව ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ද සැලසුම් කර තිබෙනවා.

මීට අමතරව තේ පැළ ලක්ෂ 10ක් ලබාදීම සහ පොල් පැල 50,000ක් රෝපණය කිරීමද මේ යටතේ සිදු කිරීමට නියමිතයි.