Wednesday, May 1, 2024

General line - 0115112241

හිරුණිකා ප්‍රේමචන්ද්‍රට නොතීසි

 උදය කුමාර




ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සම්බන්ධයෙන් මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පසුගියදා ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ පුත්‍රයා විසින් කාන්තාවකට පහර දීමේ සිද්ධියෙන් අනතුරුව ඔහු ඇපමත මුදාහැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය විවේචනය කරමින් කරුණු ඉදිරිපත් කර ඇති බවයි පෙත්සමේ සඳහන් කර ඇත්තේ.

මේ තුළින් වග උත්තරකාරිය අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සුදුසු විභාගයක් පවත්වා ඇයට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.