හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ, අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විටත් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.
ඒ අතරට දේශපාලඥයින්ද ඇතුළත්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය ඔහුගේ නිවසට රැගෙන ආවේ ඊයේ රාත්‍රියේ 10ට පමණයි.
ඒ මොහොතේ සිට මේ දක්වාම විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙමින් සිටිනවා.
මේ අතර පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය සිදු වූ ආකාරය පිළිබඳ පොලිස් කණ්ඩායම් 02ක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඒ, මතුගම පොලීසිය සහ කළුතර විශේෂ විමර්ශන ඒකකය විසින්. කෙසේවෙතත් පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණ වූයේ විදුලි සැර වැදීමෙන් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදු වූ හානි හේතුවෙන් මරණය සිදු වී ඇති බවයි.
අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි.