Monday, April 29, 2024

General line - 0115112241

ලාංකේය තුන් ඉරියව් ක්‍රිකට් තරුව අමෙරිකානු ජාතික ක්‍රිකට් පිළට නම් කෙරේ (PHOTOS)




ශ්‍රී ලංකාවේ සී.සී.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කළ රෝයි ප්‍රසංග සිල්වා අමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා නම් කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු තුන් ඉරියව්වෙන් දක්ෂ ක්‍රීඩකයෙකු වනවා.

පළමු පෙළ තරග 87කදී ලකුණු 3176ක් ලබා ඇති ඔහු පන්දු යවමින් කඩුලු 86ක් ද දවාගෙන තිබෙනවා.