Wednesday, May 1, 2024

General line - 0115112241

ජනපතිගෙන් අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් (PHOTOS)




රට තුළ ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙලේ කිසිදු පසුබෑමක් ඇති වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

 

, අද (16) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවැත්වුණු හමුවකදියි. මැතිවරණයෙන් පසුව ඇති වී තිබෙන පසුබිම සමග ඇතැම් අමාත්‍යංශවල කටයුතු නිසි පරිදී සිදු නොවන බවට තොරතුරු ලැබී ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

 

එවැනි තත්ත්වයකට ඉඩ නොතබා අමාත්‍යංශ සහ ආයතනික මට්ටමින් ක්‍රියාත්මක වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

 

රටේ සංවර්ධණ වැඩපිළිවෙළ පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය කිසිසේත් වෙනස් නොවන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.