Wednesday, May 1, 2024

General line - 0115112241

කොළඹට පැය 24ක ජල කප්පාදුවක්




කොළඹ ප්‍රදේශ රැසකට හෙට (17) පැය 24 ක කාලයක් ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට (17) පෙරවරු 9.00 සිට පසුදින  (18) දා පෙරවරු 9.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බවයි මණ්ඩලය සඳහන් කළේ.

කොළඹ කොටුව, කොම්පඤ්ඤ වීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, කුරුඳුවත්ත, බොරැල්ල, දෙමටගොඩ, මරදාන සහ පිටකොටුව යන ප්‍රදේශවල මෙන්ම අළුත්කඩේ සහ මෝදර යන ප්‍රදේශවලටයි මෙලෙස ජල කප්පාදුව ක්‍රියාත්මක වන්නේ.

මෙහිදී ජනතාවගේ ජල අවශ්‍යතාවය සලකා බලා අදාළ ප්‍රදේශවලට අඩු පීඩනයෙන් ජල සැපයුම සිදු කෙරෙනු ඇති.

අඹතලේ ජල පරිපහදු මධ්‍යස්ථානයේ සිට මාලිගාකන්ද දක්වා දිවෙන ප්‍රධාන ජල නල මාර්ගයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එම කාලසීමාවට අවශ්‍ය තරම් ජලය රැස්කර තබාගන්නා ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.