Wednesday, May 1, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවට වාර්තාගත 20යි 20 ජයක්




පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් තරගයක් ජය ගැනීමේ ලෝක වාර්තාව තමන් සතු කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (17) සමත් වුණා.

, ඕක්ලන්ඩ්හි අද (17) පැවති තරගයකදී නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින්. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩුලූ 6ක් දැවී රැස් කළා ලකුණූ සංඛ්‍යාව 243ක්.

මාටින් ගප්ටිල් පන්දු 54කදී ලකුණු 105යි. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5කදී කඩුලූ 5ක් දැවී ලකුණු 245ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා.

ජෝන් මැතිව් පන්දු 44කදී ලකුණු 76ක් රැස් කළ අතර ඩේවිඩ් වෝනර් පන්දු 24කදී ලකුණු 59ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කර රැගෙන ගියා. මීට පෙර 20යි 20 තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් තරගයක් ජය ගැනීමේ ලෝක වාර්තාව සතු වුණේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමටයි.

ඔවුන් දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 236ක් ලබා ගනිමින් එම වාර්තාව පිහිටුවා තිබුණා.