Nishan Neth News

සජබ සහ එජාප දෙවන පෙළෙන් අලුත් ගමනක් – නායකත්වයට හර්ෂගේ නම කරළියට

“සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ දෙවන හා තුන්වන පෙළ සාමාජිකයින් එක්ව ඉදිරි දේශපාලන ගමන සඳහා නව නායකත්වයක් සෙවීමේ විශේෂ සාකච්ඡාවක නිරත වන බවට තොරතුරු වාර්තා වනවා. මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාට පසුව පවතින ජනප්‍රියතාව සලකා බලමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා වී ඇති බවයි පැවසෙන්නේ. කෙසේවෙතත්, ග්‍රාමීය මට්ටමේ ජනතාව අතර ඔහුගේ ඇති … සජබ සහ එජාප දෙවන පෙළෙන් අලුත් ගමනක් – නායකත්වයට හර්ෂගේ නම කරළියට

මලයගම් ප්‍රජාවේ පනස් දෙනෙකුට අද නිවාස

මලයගම් ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ කබරගල නවෝදයාපුරම් නිවාස ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ දී ජනතා අයිතියට පත් කිරිමට නියමිතව තිබෙනවා. 2023 මාර්තු 19 වනදා හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුනාගල , කබරගල , ලියන්ගහවෙල කන්ද ප්‍රදේශයේ නායයාමෙන් පවුල් 50කට ආසන්න සංඛ්‍යාවකට නිවාස අහිමිවුණා. එතැන් සිට ඔවුන්ට සිදුවුයේ ප්‍රදේශයේ වසා දමා තිබු … මලයගම් ප්‍රජාවේ පනස් දෙනෙකුට අද නිවාස

අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ ලක්ෂයක තොගයක් ගබඩාවල හිරවෙයි – ඉදිරි මාස තුනේදී පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අනතුරේ

නියමිත ලේබල් නොමැති වීම හේතුවෙන් වෛද්‍ය සැපයුම් ඒකකය විසින් භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති පිළිකා ඖෂධ තොගය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගෙන, රෝගීන් 75,000කගේ ජීවිත ආරක්ෂා කිරීමට මැදිහත් වන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසුවේ මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ මසකට මෙම … අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ ලක්ෂයක තොගයක් ගබඩාවල හිරවෙයි – ඉදිරි මාස තුනේදී පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අනතුරේ

මහනුවර අවසන් රන්දෝලි මහා පෙරහැර සාර්ථකව අවසන් – දියකැපීමත් සිදු කෙරේ

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ මෙවර අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රීයේ වීථි සංචාරය කෙරුණා. එය නැරඹීම සදහා දෙස් මෙන් විදෙස් විශාල පිරිසක් මහනුවරට පැමිණ සිටි බවයි නෙත් නිවුස් නියෝජිතයන් පැවසුවේ. මේ අතර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය අද උදෑසන සිදු කෙරුණා. ඒ පිළිබද තවත් තොරතුරු මහනුවර ප්‍රදේශයේ රැදී සිටින නෙත් නිවුස් නියෝජිත කමල් සුරවීරගෙන්’ … මහනුවර අවසන් රන්දෝලි මහා පෙරහැර සාර්ථකව අවසන් – දියකැපීමත් සිදු කෙරේ

රුමේෂ් තරංගගෙන් තවත් දස්කමක්

ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර පැවැත්වෙන 2026 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත්ව තිබෙනවා. මීටර් 92.07 ක සුපිරි විසිකිරීමක් වාර්තා කරමිනුයි ඔහු මෙම විශිෂ්ට ජයග්‍රහණය තහවුරු කරගෙන ඇත්තේ. මීටර් 86.93 ක දක්ෂතාවක් දක්වමින් ග්‍රෙනේඩා රාජ්‍යයේ ඇන්ඩර්සන් පීටර්ස් තරගයේ දෙවන ස්ථානය දිනාගත් අතර, මීටර් 85.16 ක … රුමේෂ් තරංගගෙන් තවත් දස්කමක්

නේපාලයේ මියගිය පිරිස 392 ක් දක්වා ඉහළට – 1,458 ක් තවමත් අතුරුදන්

නේපාලයේ සිදුවූ ආපදාවලින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 392ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් පුද්ගලයන් 1,458 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවයි නවතම විදෙස් වාර්තාවල දැක්වුණේ. මේ අතර පීඩාවට පත්ව සිටින නේපාල ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම මූල්‍ය දායකත්වය … නේපාලයේ මියගිය පිරිස 392 ක් දක්වා ඉහළට – 1,458 ක් තවමත් අතුරුදන්

මාතර රූපලාවන්‍යාගාරයක් වටලා මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවළක් අත්අඩංගුවට

මාතර දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි රූපලාවන්‍යාගාරයක් වටලා මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සහ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. ඒ අනුව හොරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 45ක්, අයිස් ග්‍රෑම් 56 යි මිලිග්‍රෑම් 800 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද බවට සැක … මාතර රූපලාවන්‍යාගාරයක් වටලා මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවළක් අත්අඩංගුවට

ඉන්දීය විශේෂඥ කණ්ඩායමක් නේපාලයට ළඟා වෙයි

  නේපාලයේ ඇති වූ චණ්ඩ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් 2,000 කට ආසන්න පිරිසක් අතුරුදහන් වී ඇති අතර, සහන සහ මුදාගැනීමේ කටයුතු සඳහා නේපාල බලධාරීන්ට සහාය වීම පිණිස 11 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායමක් සෙනසුරාදා දින එරටට පැමිණියේය. වෛද්‍ය නිලධාරීන් සහ උමං මාර්ග මුදාගැනීමේ විශේෂඥයින්ගෙන් සමන්විත මෙම කණ්ඩායම නේපාල රජයේ … ඉන්දීය විශේෂඥ කණ්ඩායමක් නේපාලයට ළඟා වෙයි

ශ්‍රී ලංකා රජයෙන් ඩොලර් මිලියනයක මානුෂීය ආධාරයක්

නේපාලයේ ඇති වූ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබාදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම මූල්‍ය දායකත්වය ලබාදීමට පියවර ගෙන ඇති අතර, විපතට පත් ජනතාව වෙනුවෙන් හදිසි සහන හා මානුෂීය ආධාර සැපයීම මෙහි ප්‍රධාන අරමුණයි. … ශ්‍රී ලංකා රජයෙන් ඩොලර් මිලියනයක මානුෂීය ආධාරයක්